“හැමදාම වගේ මම ජැක්සන්ව බලන්න යනවා, කතා කරනකොට සමහර වෙලාවට කඳුලු‍ වැක්කෙරනවා” - කුමාරි මුණසිංහ සංවේදීව කියූ කථාව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
27

“හැමදාම වගේ මම ජැක්සන්ව බලන්න යනවා, කතා කරනකොට සමහර වෙලාවට කඳුලු‍ වැක්කෙරනවා” - කුමාරි මුණසිංහ සංවේදීව කියූ කථාව

“හැමදාම වගේ මම ජැක්සන්ව බලන්න යනවා, කතා කරනකොට සමහර වෙලාවට කඳුලු‍ වැක්කෙරනවා” - කුමාරි මුණසිංහ සංවේදීව කියූ කථාව

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.


මීට වසරකට ආසන්න කාලයකට ඉහතදී එතුමා හදිසි අනතුරකට ලක් වෙලා මේ වන විටත් එතුමා ප්‍රතිකාර ලබමින් ඉන්නේ.


ජැක්සන් ඇන්තනී මහත්මයා පිළිබඳව කුමාරි මුණසිංහ මහත්මිය එක්තරා රූපවාහිනී වැඩසටහනකට සම්බන්ධ වෙමින් මෙසේ අදහස් දක්වා සිටියා.


“ජැක්සන් ද මමද ඉස්සර වෙලා යන්නෙ කියලා කාටවත් කියන්න බෑ. ඔය මැෂින් ගලවන්න කියන අයද වෙන්නත් බෑ. අපි අපේ ගමනාත්තය තෙක් යන්න ඕනෙ. ගල්පර වල හැපි හැපි අභියෝග මැද ඒ ගමන යන්න ඕනේ. මම හැමදාම වගේ ජැක්සන්ව බලන්න යනවා. ගිහින් අපි ඔහුට කතා කරනවා. ඒ කතා කරනකොට සමහර වෙලාවට කඳුලු‍ වැක්කෙරනවා. ඒ කියන්නෙ ඔහුට ඇහෙනව අපි කියන දේවල්. ඒ උණාට හැමදාම ඒ ගමන යනවා. මට රූගත කිරීම් තියෙන දවසට සුප් එහෙම අරන් යන්නෙ ලොකුපුතාගේ දුව, (ලේලි)”


“ජැක්සන් කියන කලාකරුවත් එක්ක වැඩ කරන එක හරි අමාරුයි. ජැක්සන් කියන සැමියා එක්ක නම් පහසුයි. ඔහුට පූර්ණ විවේකය තිබ්බා පත පොතේ වැඩවලට. කලාකරුවා එක්ක හරි අමාරුයි. වෙලාවකට හරි සැරයි. මම හදන ඒවා තමයි කන්න ආස. දුවටත් හොඳට උයන්න පුලු‍වන්. මම හිතන්නෙ ජැක්සන්ගේ හැකියාවන්වලට ළඟින්ම ඉන්න දරුව ඇය. (මාධවී වත්සලා) සිංදු ලියන්න චිත්‍ර අඳින්න හැමදේම. ඇය තමයි මගේ හොඳ දුව, ඇය හිතුවොත් ඕනම දෙයක් කරන කෙනෙක්.”

views

356 Views

Comments

arrow-up