“ඔක්කොම නැති වුණත් මම පරිස්සමින් තියාගෙන හිටපු එක දෙයක් තිබුණා..” - චාමරගේ උපන්දිනය දා දිමංකගේ හෙළිදරව්ව
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

“ඔක්කොම නැති වුණත් මම පරිස්සමින් තියාගෙන හිටපු එක දෙයක් තිබුණා..” - චාමරගේ උපන්දිනය දා දිමංකගේ හෙළිදරව්ව

“ඔක්කොම නැති වුණත් මම පරිස්සමින් තියාගෙන හිටපු එක දෙයක් තිබුණා..” - චාමරගේ උපන්දිනය දා දිමංකගේ හෙළිදරව්ව

'හදවතේ ගායකයා'

 

චාමර වීරසිංහ කියන නමට වඩා මිනිස්සුන්ට සමීප එහෙම කිව්වාම.

 

ඒ තරමට, සිය කලාව තුළින් හදවත් දිනූවෙකි ඔහු.

 

චාමර කෙතරම් රසික රසිකාවියන්ගේ හදවත් හි ලැඟුම් ගෙන ඇත්ද යන කාරණය වඩාත් ප්‍රකට වූයේ, ගෙවුණු කාලයේ ඔහුට මුහුණපාන්න වුණු අසනීප තත්ත්වයත් එක්ක.

 

ඒ, චාමර වීරසිංහ නම් සොඳුරු මිනිසාට සුව පතා රසික රසිකාවියන් විසින් බෝධි පූජා පිංකම් පැවැත්වූ කාලයකි.

 

කාලයාගේ ඇවෑමෙන් වෛද්‍ය ප්‍රතිකාර සහ සියල්ලන්ගේ ආශිර්වාදය මැද ඔහු දැන් පසුවන්නේ සුවෙන්.

 

ඊයේ (21) දවස කවුරුත් ආදරේ කරන චාමරට විශේෂ දවසක්. ඒ, රටක් ආදරේ කරන ඔහුගේ උපන්දිනය යෙදී තිබීම නිසාවෙන්.

 

 

උපන්දිනය දා 'හදවතේ ගායකයා' වෙනුවෙන් ලියවුණු සුබපැතුම් රැසක් අතරේ අපේ ඇස නතර කළ සටහනකි, ජනප්‍රිය ගායක දිමංක වෙල්ලාලගේ විසින් තබා තිබූ සටහන.

 

 

දිමංක තැබූ උපන්දින සුබපැතුමෙහි හරි ලස්සන කතාවක් තියෙනවා.

 

ඒ, මහා ව්‍යසනයක් මැද පරිස්සම් කළ චාමර වීරසිංහගේ මතකයක් ගැන....

 

''Happy birthday Chamara Weerasinghe Aiye!

ඔව්, චාමර වීරසිංහ කියන්නෙම උන්මාදයක්.

2004 වර්ෂයේ හික්කඩුවේ මගේ ගමේ ඉද්දි ඇතිවුනු සුනාමි ව්‍යසනයත් එක්ක වෙරළාසන්න සියල්ලටම උන්හිටිතැන් අහිමි වෙද්දි ඒ වේදනාකාරී අත්දැකීමට මටත් මගේ පවුලේ අයටත් මුහුණ දෙන්න වුනා.

මට වයස අවුරුදු 14යි.

සියල්ලම අහිමි වුනත් ඒ වනවිටත් මම පරිස්සමින් තියාගෙන හිටපු එක දෙයක් තිබුනා.

ඒ චාමර අයියාගෙ සිංදු තියෙන කැසට් පටය.

එදා එහෙම මං ආදරය කරපු මගේ හදවතේ ගායකයා මේ වෙනකොට මගේ සිංදුවක් මං ඉස්සරහ කියද්දි මට දැනෙන සතුට වචනෙන් කියාගන්න අමාරුයි.

ඉතින් හැමදාමත් කියනවා වගේම චාමර අයියා වැජඹෙන්න ඕන හැමදේකින්ම.

එදා වගේම අදත් අද වගේම හෙටත් ආදරෙයි ඔයාට!''

 

views

255 Views

Comments

arrow-up