දුරකථනයෙන් වැඩිහිටි පිරිමින්ට ආලේ පෙන්නා කෝල් කර ගෙන්වා ගෙන අත්පා බැඳ පහරදී දේපොළ කොල්ල කෑ පෙම්වතියට වැඩ වැරදුණු හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
09

දුරකථනයෙන් වැඩිහිටි පිරිමින්ට ආලේ පෙන්නා කෝල් කර ගෙන්වා ගෙන අත්පා බැඳ පහරදී දේපොළ කොල්ල කෑ පෙම්වතියට වැඩ වැරදුණු හැටි

දුරකථනයෙන් වැඩිහිටි පිරිමින්ට ආලේ පෙන්නා කෝල් කර ගෙන්වා ගෙන අත්පා බැඳ පහරදී දේපොළ කොල්ල කෑ පෙම්වතියට වැඩ වැරදුණු හැටි

‘මුහුණු පොත‘ හරහා පිරිමි පුද්ගලයන් හඳුනා ගෙන ‘වට්ස්ඇප්’ සහ ‘මැසෙන්ජර්’ හරහා කතා බස් කරමින් ව්‍යාජ ප්‍රේම සබඳතාවයන් ගොඩනඟා ගෙන, එම පිරිමි පුද්ගලයන් මිහින්තලය ප්‍රදේශයට කැඳවා, කැලෑ ප්‍රදේශවලට රැගෙන ගොස් ගස් බැඳ, පහරදී ඔවුන්ගේ යතුරුපැදි, මුදල් ඇතුළු දේපළ කොල්ලකෑ සංවිධානාත්මක අපරාධ කල්ලියක කාන්තාවක සහ පිරිමි පුද්ගලයන් තිදෙනකු කොල්ල කන ලද යතුරුපැදි 2ක්, ජංගම දුරකථන 4ක් ඇතුළු දේපළ සමග අත්අඩංගුවට ගත් බව මිහින්තලේ පොලිසිය පවසයි.

 

ඒවායේ වටිනාකම රුපියල් ලක්‍ෂ දහයකට අධිකය.

 

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි කාන්තාවක සහ අනුරාධපුර අශෝකපුර විජයපුර සහ කැකිරාව ප්‍රදේශයේ පදිංචි 21, 27 සහ 32 හැවිරිදි පිරිමි පුද්ගලයන් තිදෙනෙකි.

 

පෙම්වතිය තමන්ට මිහින්තලය නගරයට පැමිණෙන ලෙස පවසා දුරකථන ඇමතුමක් ලබාදී එලෙස පැමිණි පසු, පිරිමි පුද්ගලයන් සමග එක්ව තමන්ට පහරදී ගස් බැඳ යතුරුපැදිය සහ මුදල්, ජංගම දුරකථන, බැංකු කාඩ් පත් කොල්ලකෑ බවට මිනුවන්ගොඩ සහ අවුකන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනකු සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 

මෙම සිද්ධිවලට මුහුණ පා ඇත්තේ උසස් රැකියාවල නියුතු වයස අවුරුදු පනහට වැඩි පුද්ගලයන් බව ද පොලිසිය සඳහන් කළේය. සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

views

186 Views

Comments

arrow-up