දෙනෝදාහක් බලා සිටියදී සිරිපා මළුවෙන් පහළට පැන්න දිනේෂ් ගැන එළියට ආ හිතා ගන්නවත් බැරි කතාව (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
22

දෙනෝදාහක් බලා සිටියදී සිරිපා මළුවෙන් පහළට පැන්න දිනේෂ් ගැන එළියට ආ හිතා ගන්නවත් බැරි කතාව (PHOTOS)

දෙනෝදාහක් බලා සිටියදී සිරිපා මළුවෙන් පහළට පැන්න දිනේෂ් ගැන එළියට ආ හිතා ගන්නවත් බැරි කතාව (PHOTOS)

ශ්‍රි පාද උඩ මළුවේ සිට පහළට පැන අතුරුදන් වු තරුණයා සෙවිමේ මෙහෙයුම් කටයුතු (21) දින පස්වරුවේ නතර කළ බව ලක්ෂපාන යුධ හමුදා කදවුරේ අණදෙණ නිලධාරිවරයා පවසනවා.

 

හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ සිට තරුණියන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණි 33 හැවිරිදි තරුණයා ඉකුත් (19) දින උදැසන 10.00ට පමණ ශ්‍රි පාද උඩ මළුවේ සිට රත්නපුර මාර්ගය ඔස්සේ පහළට දිවවිත් ආරක්ෂිත වැටෙන් පහළට පනින ආකාරය ශ්‍රි පාද උඩ මළුවේ සවි කර ඇති ආරක්ෂිත කැමරාවේ සටහන් වී තිබෙනවා.


අතුරුදන් වූ තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ 15 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් සහ නල්ලතන්නිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් පිරිසක් තරුණයා පහළට පැන ඇති ස්ථානයේ සිට කඹ ආධාරයෙන් පහළට බැස (20) දින සිට මෙහෙයුමක් දියත් කර තිබුණද අතුරුදන් වු තරුණයා පිළිබඳව කිසිදු තොරතුරක් නොලැබුණු නිසා ශ්‍රි පාදස්ථානාධිපති හිමියන්ගේද උපදෙස් පරිදි මෙහෙයුම නතර කළ බවයි අණදෙණ නිලධාරිවරයා කියා සිටියේ.

 

 

 

 

 

views

4070 Views

Comments

arrow-up