මිතුරන් බලා ඉද්දි තමන්ගේම දියණිය කෙළෙසූ නරුම පියෙක් - මවත් හවුල් වෙලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
01

මිතුරන් බලා ඉද්දි තමන්ගේම දියණිය කෙළෙසූ නරුම පියෙක් - මවත් හවුල් වෙලා

මිතුරන් බලා ඉද්දි තමන්ගේම දියණිය කෙළෙසූ නරුම පියෙක් - මවත් හවුල් වෙලා

6 හැවිරිදි දියණියක් ඇගේම පියා අතින් දූෂණය වූ බවට ලද පැමිණිල්ලක් මත ඔහුව අත්අඩංගුවට ගත් පුවතක් වාර්තා වී තිබුණි. දැරියගේ මව විසින් පොලීසියට මෙම පැමිණිල්ල කර තිබුණා.

 

අත්අඩංගුවට ගත් සැකකාර පියා වෘත්තියෙන් ත්‍රීරෝද රථ රියදුරෙකි. මීට පෙරද අවස්ථා කිහිපයකම මෙම පුද්ගලයා විසින් තමාගේ දියණියව බලහත්කාරයෙන් අසභ්‍ය වීඩියෝ පට නැරඹීමට පොළඹවා තිබු බව මව විසින් පොලීසියට හෙළිදරව් කරා.

 

රසකැවිලි සහ අයිස්ක්‍රීම් ලබාදී හයහතර නොදත් මේ අහිංසක සිගිත්තිය කාමාතුර පියා විසින් රවටාගෙන මෙම නරුම ක්‍රියාව සිදු කර ඇති බව මවගේ ප්‍රකාශයේ සඳහන්.

 

මීට අමතරව මේ පුද්ගලයාට ප්‍රදේශයේ කාන්තාවන් සමගද විවිධ අයතා සම්බන්ධතා පැවති බවද ඇය හෙලිදරව් කලා.

 

බරපතල ලිංගික අතවරයකට ලක්ව තිබුණු 6 හැවිරිදි දියණිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබුණි.

 

දියණියගේ මව විසින් කළ ප්‍රකාශය

 

‘‘ඉස්කෝලේ ඉවරවෙලා මහත්තයා තමයි අරන් එන්නේ. දවසක් අරන් එද්දි 1 විතර වුණා. ඊට පස්සේ මං ඇහුවම ඇයි මෙච්චර පරක්කු වුණේ කියලා යාලුවෙක් බස්සන්න ගියා කියලා එහෙම කිව්වා. එනකොට ළමයට අරන් ඇවිල්ලා තිබුණා පැණිකජු අයිස්ක්‍රීම් ඒ වගේ දේවල් ගොඩාක්.

 

ඊටපස්සේ දුවගෙන් ඉතිං මං ප්‍රශ්න කරන්න ගියෙත් නෑ. මොකද මහත්තයා ළමයින්ට ආදරේ වගේ තමයි ඉන්නේ හොඳට. ඔය සේයාගේ වගේ ප්‍රශ්න දේවල් යද්දිත් අරුන් වගේ එවුන් මරලා එල්ලන්න ඕනේ කියලා තමයි කියකිය හිටියේ.

 

ඉතිං ඔහොම ඉඳලා ටික දවසක් යනකොට මහත්තයගේ ෆෝන් එක මං චෙක් කළා. මොකද මට එයාව සැකයි. මොකද එයාට මීට කළින් දූෂණ චෝදනා තිබිලා තියෙනවා. මීට කලින් එයා ඔය කෙල්ලෝ එක්ක යාලුවෙලා ඉඳලා එහෙම තියෙනවා. ඒ නිසා මං එයාගේ ෆෝන් එක ලොක් කරලා තියෙන්නේ මම පාස්වර්ඩ් එක හොයාගෙන ගැහුවා.

 

ඊට පස්සේ මං දැක්කා එයාගේ ෆෝන් එකේ මැසේජ් තියෙනවා ඔයා ගෙදර එන්නේ නැද්ද මේ ඒ වගේ කෙල්ලන්ගේ ෆෝටෝ තිබ්බා. අනේ සර් ලොකු උදව්වක්. මටනම් ඔය මහත්තයව ජීවිතාන්තේ දක්වා දාලා දෙන්න.මොකද මටයි මගේ දරුවන්ටයි පුදුම වධයක් දුන්නේ. අපිට මානසික වධයක් දුන්නේ ඔය මිනිහා.‘‘

 

අත්අඩංගුවට ගත් පියාගෙන් ලද තොරතුරු වලින් හෙළි වූ කරුණු වලට අනුව මවද මීට අනුබල දී ඇති බව අනාවරණය විය. ඒත් සමඟ ඇයවද අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණා. දියණියව දූෂණය කරන අයුරු බලා සිටි පියාගේ මිතුරන් දෙදෙනා ද අත්අඩංගුවට ගැනුනා.

 

 

 

 

views

24142 Views

Comments

arrow-up