තාත්තගෙයි දුවගෙයි සුසංයෝගයෙන් පැමිණීමට නියමිත ත්‍රාසය පිරුණු ක්‍රියාදාම චිත්‍රපටය
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
14

තාත්තගෙයි දුවගෙයි සුසංයෝගයෙන් පැමිණීමට නියමිත ත්‍රාසය පිරුණු ක්‍රියාදාම චිත්‍රපටය

තාත්තගෙයි දුවගෙයි සුසංයෝගයෙන් පැමිණීමට නියමිත ත්‍රාසය පිරුණු ක්‍රියාදාම චිත්‍රපටය

ශාරුක් ඛාන් සහ ඔහුගේ දියණිය සුහානා ඛාන් රංගනයෙන් දායක වන 'King' චිත්‍රපටය, ලබන වසරේ මුල් භාගයේ දී නිෂ්පාදනය ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

 

දැනට ඇති ආරංචිවලට අනුව නම්, අභියෝග සහ ගැටුම්වලින් නිර්මිත එය ත්‍රාසය පිරුණු ක්‍රියාදාම චිත්‍රපටයක්.

 

ඒ අනුව තාත්තයි දූයි පාතාල ලෝකයේ උපදේශකයෙකු සහ අනුගාමිකයෙකු ලෙස පෙනී සිටීමට නියමිත බවයි ඇතැම් වාර්තාවල සඳහන් වෙන්නෙ.

 

චිත්‍රපට අධ්‍යක්ෂණය Sujoy Ghosh විසින් බව සඳහන්.

 

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව චිත්‍රපටයේ රූගත කිරීම් 2025 ජනවාරි මාසයේදී මුම්බායි හිදීයි ආරම්භ වීමට නියමිතව ඇත්තේ.

 

පසුව එය යුරෝපය පුරා කෙරෙන දිගු රූගත කිරීම් මාලාවක් වනු ඇති බව සඳහන්.

 

ශාරුක් - සුහානා දෙන්නට අමතරව අභය වර්මා සහ අභිෂේක් බච්චන් ද මෙහි චරිත නිරූපණය කරන බව වාර්තා වෙනවා.

 

පූර්ව සැලසුම්වලට අනුව ලබන වසරේ අගෝස්තු හෝ සැප්තැම්බර් වන විට චිත්‍රපටයේ මූලික නිෂ්පාදන කටයුතු අවසන්.

 

අනතුරුව 2026 වසරේ දී විශිෂ්ට නිර්මාණයක් හැටියට, 'King' රසිකයින් හමුවට ඒමට සූදානම් බව සඳහන්.

views

525 Views

Comments

arrow-up