බිළඳෙකු බිහිකර දින 07යි - මියගිය එක්දරු මවගේ නිසල සිරුර කුස්සියේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
20

බිළඳෙකු බිහිකර දින 07යි - මියගිය එක්දරු මවගේ නිසල සිරුර කුස්සියේ

බිළඳෙකු බිහිකර දින 07යි - මියගිය එක්දරු මවගේ නිසල සිරුර කුස්සියේ

පොල්ගහවෙල පොලිසිය විසින් වාර්තා කරන ලද පරිදි, දරුවා උපතලැබී දින 7කට පසු, සිය ගෙල නැපී සියදිවි නසාගත් 32 හැවිරිදි එක්දරු මවකගේ මළ සිරුර ඇගේ නිවසේ මුළුතැන්ගෙයි තිබියදී පෙරේදා (18) සොයාගනු ලැබ ඇත.

 

මියගොස් ඇත්තේ පොල්ගහවෙල යටිගල්සිලුව ප්‍රදේශයේ පදිංචිව සිටි කුමුදු මධුසානි රණවලගේ (32) නමැති කාන්තාවයි. ඇය මෑතකදී තම පළමු දරුවා බිහි කර තිබේ.


මරණය සම්බන්ධයෙන් සිදු කළ මූලික පරීක්ෂණවලදී, කාන්තාව මීට දින තුනකට පෙර සියදිවි නසා ගැනීමට උත්සාහ කර ඇති බවත්, කුළුදුල් දරුවා ලැබීමෙන් පසු ඇයට විශාදය වැනි රෝග ලක්ෂණ පහළ වී ඇති බවත් හෙළි වී ඇති බව පොලිසිය සඳහන් කරයි.

 

නිවසේ කාන්තාවගේ මවුපියන් ඇතුළු තවත් සාමාජිකයන් සිට ඇති අතර, ඔවුන් නින්දට ගොස් සිටි පාන්දර කාලයේදී මෙම සිද්ධිය සිදු වී ඇති බව ලැබුණු සාක්ෂි අනුව හෙළි වී ඇතැයි පොලිසිය තවදුරටත් පවසයි.

 

මරණය සම්බන්ධයෙන් මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පොල්ගහවෙල මහේස්ත්‍රාත් ප්‍රසන්න ජනක ප්‍රනාන්දු මහතා විසින් පවත්වන ලදී. පරීක්ෂණයේදී ලැබුණු සාක්ෂි සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා, මරණය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොල්ගහවෙල පොලිසියට නියෝග කර ඇත.

 

කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් මරණ පරීක්ෂණය කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය විශේෂඥ අජිත් ජයසේන මහතා විසින් සිදු කරන ලද අතර, එම පරීක්ෂණයේදී මෙම මරණය සියදිවි නසා ගැනීමක් බව තහවුරු කර ඇත.

 


කුරුණෑගල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරි වන්දන හේරත් මහතාගේ උපදෙස් මත, පොල්ගහවෙල පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නලින් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, උප පොලිස් පරීක්ෂක විජේරත්න, පොලිස් සැරයන් පියසෝම (6719) සහ පොලිස් කොස්තාපල් කුමාර (910676) යන නිලධාරීන් විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

views

291 Views

Comments

arrow-up