එය තවමත් අබිරහසක්? - කැබ් රථයක් තුළ හමු වූ පිළිස්සුණු පුද්ගලයාට ඒ දේ වුණේ කොහොමද කියලා හිතාගන්නවත් බැහැ....

කියන්න යන්නේ දුක හිතෙන කතාවක්... ඔහු ජිවිතෙන් සමුගෙන ගිය විදිහ තවමත් අබිරහසක්....
හබරණ පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව සහ බටුඔය අතර 38 කිලෝමීටර් කණුව අසල ගිනිගත් කැබ්රථයක් තුළ තිබී පුද්ගලයෙකුගේ මළ සිරුරක් නත්තල් දින රාත්‍රියේදී සොයා ගැනීමට හැකිවූ බව මින්නේරිය පවසනවා.
පොලිසිය කියා සිටියේ පොළොන්නරුව දෙස සිට හබරණ දෙසට ධාවනය වූ කැබ් රථයක් ඊයේ රාත්‍රියේ මෙලෙස ගිනි ගෙන තිබූ බවයි.
මෙම පුද්ගලයා කැබ් රථයේ පිටුපස ආසනය තුළම පිලිස්සි මියගොස් ඇති බවයි මින්නේරිය පොලිසිය පවසන්නේ.වයස අවුරුදු 64ක් වු ගම්පහ -දෙකටන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් බව අනාවරණය වී තිබෙනවා.
මිය යාමට ප්‍රථමයෙන් කුඩා කම්බියකින් කැබ් රථයේ පිටුපස ඩිකිය ප්‍රදේශයෙන් ගැටගසා ඇති අතර එහි අවසන් කෙළවර මියගිය යයි සැක කරන පුද්ගලයාගේ ගමන් මල්ලද එම කම්බියෙන් ගැටගසා තිබියදී සොයාගෙන තිබෙනවා.
අනතුර සිදුවුන ස්ථානයේ මාර්ගය අසල බිම ඔහුව හඳුනා ගැනීමේ කාඩ්පත් කිහිපයක්ම ඒ අවට දමා තිබේදී සොයාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
එම අංකවලට ඇමතීමේදී අනාවරණ වී ඇත්තේ අදාළ පුද්ගලයා මාර්ග සංවර්ධන කටයුතු සඳහා තාර වර්ග මෙරටට ගෙනවිත් අලෙවිකරන මහා පරිමාණ ව්‍යාපාරයක් පවත්වාගෙන යන්නෙකු බවටයි.
ඔහු මින්නේරිය ප්‍රදේශයේ යන බව නොදන්නා බවයි මෙම පුද්ගලයාගේ දරුවන් ඇතුළු ඥාතීන්ගෙන් පොලිසිය කළ විමසීමකදී ඔවුන් පවසා ඇත්තේ.
කෙසේ වෙතත් මිය ගිය පුද්ගලයා රාත්‍රී 8යි 20ට පමණ සිය බිරිඳට දුරකතන ඇමතුමක් ලබා දී ප්‍රකාශ කර ඇත්තේ, තමන්ට යලිත් දුරකතන ඇමතුම් ලබා නොදෙන ලෙසයි.
එමෙන්ම තමන් ගැන සොයා බැලීමෙන් වලකින ලෙස ද ඔහු එහිදී දැනුම් දී තිබෙනවා.
ඊයේ ඔහු සිය පුත්‍රයා සමග ද කිසියම් බහින් බස්වීමක් ඇති කරගෙන තිබෙන අතර පොලිසිය සදහන් කළේ මොහු සිය දිවි නසා ගත්තේදැයි සැකයක් පවතින බවයි.
පස්වරුවේ අදාල ස්ථානීය පරීක්ෂණයට පැමිණි හිගුරක්ගොඩ මහේස්ත්‍රාත්වරිය නියෝග කර ඇත්තේ පිලිස්සී තිබූ සිරුරේ කොටස් පොළොන්නරුව මහ රෝහල වෙත යොමු කර රජයේ රස පරීක්ෂකවරයා කැදවා වාර්තාවක් ලබා ගන්නා ලෙසයි.
එමෙන්ම මියගිය පුද්ගලයාගේ සහ ඔහුගේ පුත්‍රයාගේ ඩී.එන්.ඒ පරීක්ෂාවක් සිදු කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.
පිලිස්සී මිය ගිය මෙම පුද්ගලයාගේ පවුලේ ඥාතීන් විසින් අදාල ස්ථානයට පැමිණ කැබ් රථය සහ හමු වූ භාණ්ඩ මොහුගේ බවට හදුනා ගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මෙය ඝාතනයක් ද යන්න සම්බන්ධයෙන් ද විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
327 Views
Comments