පෙම්වතා හැර ගිය දුකට මැරෙන්න සිතා උඩුමලෙන් පැන්න 14 හැවිරිදි දැරියගේ දිවි බේරුණු හැටි - මැරෙන්න හැදුවාට පොලිස් පරීක්ෂණයකුත්
පෙම්වතා සමඟ පැවැති ආදර සම්බන්ධතාව හිටි හැරියේ නැවතීම හේතුවෙන් දැඩි ශෝකයෙන් සිට නිවසේ උඩුමහලෙන් පැන කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළත් කළ 14 හැවිරිදි දැරිවියගේ ජීවිතය අනූනවයෙන් බේරාගැනීමට වෛදවරුන් ඇතුළු හෙද කාර්‍ය් මණ්ඩලය සමත්ව තිබෙනවා.
සියදිවි හානි කර ගැනීමේ අරමුණින් ඇය මෙලෙස නිවසේ උඩුමහලෙන් පැන තිබූ අතර දින කිහිපයක් හදිසි ප්‍රතිකාර ගැනීමෙන් පසු ඇයව සාමාන්‍ය වාට්ටුවකට මේ වන විට දමා තිබෙනවා.
සියදිවි හානි කර ගැනීම මෙරට නීතියෙන් වරදක් බැවින් ඒ සම්බන්ධයෙන් බොරැල්ල පොලිසිය ඇයට එරෙහිව විමර්ශන ආරම්භ කොට තිබෙනවා.
ඇයගේ ස්මාර්ට් ජංගම දුරකථනයද අදාළ අංශ පරික්ෂා කොට ඇති අතර මුළු ආදර සම්බන්ධතාව එහි ඇතුළත් බවද වාර්තා වෙනවා.කොරෝනා නිසා ඇය සහ ඇයගේ පෙම්වතා නිතර හමු වී ඇත්තේ ද වීඩියෝ කෝල් වලින් බව ද අනාවරණය වී තිබෙනවා.
බොරැල්ලේ ප්‍රදේශයේ පදිංචි 9 වසරෙහි ඉගෙනුම ලබන දැරිවියක් මෙලෙස සියදිවි හානි කරගැනීමේ අරමුණින් උඩුමහලෙන් බිමට පැන තිබුණා.
2084 Views
Comments