සමෘද්ධි තැන්පත්කරුවන්ට ගිරිය පිප්පූ නිලධාරිනිය කවුද?
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

සමෘද්ධි තැන්පත්කරුවන්ට ගිරිය පිප්පූ නිලධාරිනිය කවුද?

සමෘද්ධි තැන්පත්කරුවන්ට ගිරිය පිප්පූ නිලධාරිනිය කවුද?

සමෘද්ධි බැංකුවල තැන්පතු මුදල් ලබා නොදී එහි නිලධාරින් විසින් තැන්පත්කරුවන් අපහසුතාවට පත් කළ සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.



සිය තැන්පතු මුදල් ලබා ගැනීමට බැංකු වෙත ගිය තැන්පත්කරුවන්ට එම මුදල් ලබා නොදී වෙනත් දිනක පැමිණෙන ලෙසත් එසේත් නැති නම් බැංකු කළමනාකරු සිටින මොහොතක පැමිණෙන ලෙසත් බැංකු නිලධාරින් විසින් තර්ජනාත්මක ලෙස පවසන වීඩියෝ පට මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වේ.



මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මේ පිළිබඳ සොයා බලා තැන්පත්කරුවන්ට සාධාරණයක් කර මෙම ගැටලුව විසඳන ලෙසට සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇත.

 

 

එම ඉල්ලීමට අනුව මෙම සොයා බැලීම සිදු කරනු ලබයි. එම වීඩියෝ පටවලට අනුව ඇතැම් බැංකු නිලධාරිනියන් විසින් තැන්පත්කරුවන්ට අසභ්‍ය වචනයෙන් බැණ වදින අවස්ථාද දැක ගැනීමට හැකි අතර මේ පිළිබඳ කඩිනමින් සොයා බලා කටයුතු කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.

views

614 Views

Comments

arrow-up