විශේෂී ආරාධනාවක් අරන් අගමැති මෝදි හමුවට ආ කපූර් පවුල (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

විශේෂී ආරාධනාවක් අරන් අගමැති මෝදි හමුවට ආ කපූර් පවුල (PHOTOS)

විශේෂී ආරාධනාවක් අරන් අගමැති මෝදි හමුවට ආ කපූර් පවුල (PHOTOS)

කපූර් පවුලම ඉන්දීය අගමැති මෝදිව මුණගැහෙන්න නවදිල්ලියට ගිහින්.

ඒ, සුවිශේෂී ආරාධනාවක් අරන්.

රන්බීර් කපූර්, ආලියා භාත්, කරීනා කපූර් ඛාන්, සයිෆ් අලි ඛාන්, කරිෂ්මා කපූර්, නීතු කපූර්, රිද්දිමා කපූර් සහනි, භාරත් සහනි, රීමා ජේන්, මනෝජ් ජේන්, ආදාර් ජේන්, ආමන් ජේන් සහ ඔහුගේ බිරිඳ අනිසා මල්හෝත්‍රා යන කපූර් පවුලේ සාමාජිකයන් මේ විදියට අගමැති මෝදිව මුණගැහිලා තිබුණෙ ‘රාජ් කපූර්ගේ 100 වැනි ජන්ම සංවත්සරය’ සමරන්න ආරාධනා කරන්න.

ඒ, දෙසැම්බර් 14 වැනිදාට.

ඉන්දීය ආරංචි මාර්ගවලට අනුව එදාට ‘ඉන්දියානු සිනමාව සඳහා වූ දායකත්වයේ කීර්තිමත් වසර 100’ සමරනු වස්, සුවිශේෂී කටයුත්තක් සංවිධානය වෙලයි තියෙන්නෙ.

‘රාජ් කපූර් සිනමා උළෙල’

දෙසැම්බර් 13 සිට 15 වැනිදා දක්වා පැවැත්වෙන සිනමා උළෙල සඳහා රාජ් කපූර්ගේ ජනප්‍රිය සිනමාපට 10 ක් ප්‍රදර්ශනය කෙරෙන බව සඳහන්.

ඒ, නගර 40 ක් පුරා සිනමා ශාලා 135 ක් ආවරණය වන පරිද්දෙන්.

රාජ් කපූර් උපත ලැබුවේ 1924 වසරේ දෙසැම්බර් 14.

ඉන්දියානු නළුවෙක්, චිත්‍රපට අධ්‍යක්ෂවර‍යෙක් සහ නිෂ්පාදකයෙක් වන ඔහු ‘රන්බීර් රාජ් කපූර්’ මැයෙන් ද හැඳින්වෙනවා.

ඇතැම් තැන්වල ඔහුව හඳුන්වන්නෙ, ඉන්දියානු සිනමාවේ චාලි චැප්ලින් නමින්.

views

259 Views

Comments

arrow-up