ප්‍රශ්නාර්තයක් ඉතිරි කරමින් ප්‍රකට සමාජ ක්‍රියාකාරිණියක් වූ අතුරුගිරිය ලී වෙළෙඳසල් හිමිකාරිනියට පිහියෙන් ඇන මරා දාලා
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
04

ප්‍රශ්නාර්තයක් ඉතිරි කරමින් ප්‍රකට සමාජ ක්‍රියාකාරිණියක් වූ අතුරුගිරිය ලී වෙළෙඳසල් හිමිකාරිනියට පිහියෙන් ඇන මරා දාලා

ප්‍රශ්නාර්තයක් ඉතිරි කරමින් ප්‍රකට සමාජ ක්‍රියාකාරිණියක් වූ අතුරුගිරිය ලී වෙළෙඳසල් හිමිකාරිනියට පිහියෙන් ඇන මරා දාලා

අතුරුගිරිය, ගොඩගම පාර ප්‍රදේශයේ පිහිටි ලී වෙළෙඳසැලක හිමිකාරිනියකට පිහියෙන් ඇන ඝාතනය කර එහි සේවකයකුටද පිහියෙන් ඇන බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ.

 

මෙසේ ඝාතනය කොට ඇත්තේ අතුරුගිරිය ප්‍රදේශයේ ප්‍රකට සමාජ සේවිකාවක් වන මංගලිකා මහවත්ත (60) නමැති කාන්තාවකි. මෙම සිද්ධිය පෙරේදා (02) සවස සිදුවී තිබේ.

 

ලී වෙළෙඳසලේ හිමිකාරිනියගේ මුඛ ප්‍රදේශයට පිහියෙන් ඇන ඝාතනය කර තිබූ බවද පොලිසිය කියයි.

 

ඝාතනයට ලක්වූ 62 හැවිරිදි වෙළෙඳසැල් හිමිකාරිනිය අතුරුගිරිය ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියක බවත්, බරපතළ තුවාල ලැබූ සේවකයා 52 හැවිරිදි මයිලංගම ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය කියයි.

 

මෙම ඝාතනය කවුරුන් විසින් කුමන හේතුවක් මත සිදු කළේද යන්න මෙතෙක් හෙළිවී නොමැත. අදාළ වෙළෙඳසැල අසල ලේ ගලන තුවාල සහිතව පුද්ගලයකු වැටී සිටින බවට පොලිසියට ලද තොරතුරකට අනුව එහි ගිය පොලිස් නිලධාරීහු විමර්ශන ඇරැඹීය.

 

බරපතළ තුවාල ලැබූ සේවකයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

 

කඩුවෙල මහේස්ත්‍රාත් චාමිනී විජේබන්ඩාර මහත්මිය ඊයේ (03) සිද්ධිය වූ ස්ථානයට පැමිණ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වූ අතර සොකෝ නිලධාරීන් ඇඟිලි සටහන් පරීක්ෂණයකද නිරත විය.

 

මේ පිළිබඳව අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍ර.පො.ප. සාරද ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පො.ප. අසංක ප්‍රේමලාල් මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීන් කණ්ඩායමක් වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

views

422 Views

Comments

arrow-up