හෙළ සිරිතට කිරි උතුරවා ඇමෙරිකාවේදී සැමරුණු අලුත් අවුරුද්ද (PHOTOS)

ඇමෙරිකන් ජාතික බැතිමතුන් හා දෙස් විදෙස් බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් සැමරූ ‘අපේ සූර්ය මංගල්‍යය’ ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානය හා ලංකාරාම විහාරස්ථානයේ විහාරාධිපති, ඔහායෝ හී මෛත්‍රී භාවනා මධ්‍යස්ථානාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ හා විහාරවාසී මහා සංඝරත්නයේ සංවිධායකත්වයෙන් හෙළ සිරිතට විරිතට ගරු කරමින් අපේ සිංහල චාරිත්‍ර වාරිත්‍රවලට මුල් තැන දෙමින් ආගමිකානුකූල කටයුතු සිදු කොට, ලෝකවාසී සියලුම දෙනාට සෞභාග්‍යය සම්පත්තිය උදාවේවා යන අරමුණින් කිරි ඉතිරීම, අවුරුදු කෑම මේසය විවෘත කිරීම, හිස තෙල් ගා ආශිර්වාද කිරීම ආදී හෙළ සිරිත් විරිත් ඇමෙරිකානුවන්ගේ සිත් තුළටත් ජනිත කරමින් අපේ සංස්කෘතිය මතු පරපුර වෙනුවෙන් දායාද කරලන්නට ශ්‍රී ලාංකික බෞද්ධ බැතිමතුන් ඇමෙරිකානු ජාතික බැතිමතුන් මෙන්ම සියලු ආගමික බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් ඉතා උත්සවශ්‍රීයෙන් ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථ භූමි පරිශ්‍රයේ දී සිදු කරන ලදී.
තවද ඇමෙරිකානු ජාතික තරුණ දෙපළක් විසින් සක්‍රීයත්වය හා සෞභාග්‍යය උදෙසා අපේකම මනාව පිළිබිඹු කරමින් අපේ ජන ශාන්ති කර්ම හා සබැඳි නර්තනයක් ඉදිරිපත් කරලීමට ද මෙවර අලුත් අවුරුදු සැමරුම දා ඇමෙරිකාවේ ඉන්ඩියානා බෞද්ධ විහාරස්ථානයේ දී සිදු වූ විශේෂ අවස්ථාවකි. කඹ ඇදීම, කොට්ටපොර ගැසීම, කණාමුට්ටි බිඳීම, අලියාට ඇස තැබීම ආදී ජන ක්‍රීඩා රැසක් පවත්වනු ලැබූ අතර මේ සඳහා විදෙස් ජාතික බැතිමතුන් ඉතා ඇල්මක් දක්වමින් මේ ජන ක්‍රීඩාවන් සඳහා සහභාගි වීම මහත් භාග්‍යයක් ලෙස පෙන්විය හැකිය.
තවද ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ලංකාරාම බෞද්ධ විහාරස්ථානය මූලික කොට ගනිමින් ‘අපේ ගමේ අවුරුදු’ යනුවෙන් ගමේකම පිළිබිඹු කරින්, විහාරාධිපති පූජ්‍ය තලංගම දේවානන්ද නාහිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් විහාරවාසී මහා සංඝරත්නයේ සංවිධායකත්වයෙන් හෙළ ජන සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර හා ජන ක්‍රීඩා රැසක් සමගින් දෙස් විදෙස් බැතිමතුන් පිරිවරා ගනිමින් ඉතා උත්සවශ්‍රීයෙන් අලුත් අවුරුද්ද සමරන ලදී.
227 Views
Comments