දුම්රියේ ගිය නෙදර්ලන්ත කතගේ කැමරාව අරන් දුම්රියෙන් පැන්න සොරා
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
13

දුම්රියේ ගිය නෙදර්ලන්ත කතගේ කැමරාව අරන් දුම්රියෙන් පැන්න සොරා

දුම්රියේ ගිය නෙදර්ලන්ත කතගේ කැමරාව අරන් දුම්රියෙන් පැන්න සොරා

නෙදර්ලන්තයේ සිට සංචාරයක් සඳහා මෙරටට පැමිණ රජරට රැජින දුම්රියේ නැඟී අනුරාධපුරයට පැමිණෙමින් සිටි නෙදර්ලන්ත ජාතික කාන්තාවකගේ කැමරාව පැහැර ගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් බිමට පැන පුද්ගලයෙකු පලා ගොස් ඇති බව අනුරාධපුර සංචාරක පොලීසිය පවසයි.

 

නෙදර්ලන්තයේ ග්රොනින්ගන් ප්‍රදේශයේ පදිංචිව සිටින එම කාන්තාවල තම පෙම්වතා සමග ඉකුත් 9 දා පුද්ගලික සංචාරයක් සඳහා ලංකාවට පැමිණල මීගමුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන පසුදා 10දා වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් රජරට රැජින දුම්රියට නැඟ පැමිණෙමින් සිටියදී මෙම කොල්ලකෑම සිදුව ඇති බව පොලීසිය කියයි.

 

පස්වරු 02.45ට පමණ වේයන්ගොඩ දුම්රිය ස්ථානයෙන් දුම්රියට නැඟ පැය දෙකක පමණ කාලයක් පැමිණීමෙන් පසු සවස 5ට පමණ මෙම සිද්ධිය සිදුව ඇති බවත් එම අවස්ථාවේදී දුම්රිය මැදිරියේ සිටි නාඳුනන පුද්ගලයෙකු එක්වරම එම විදෙස් කාන්තාවගේ උකුල මත තබා ගෙන සිටි කැමරාව සහිත බෑගය පැහැර ගෙන ධාවනය වෙමින් තිබූ දුම්රියෙන් පැන පලා ගොස් තිබූ බව පොලිසිය කියයි.

 

මේ දුම්රියේ සිටි මගීන්ද එය දුටු බවත් ඉන්පසුව දුම්රිය මැදිරියේ සවිකර තිබූ හදිසි නැවතුම් යතුර ක්‍රියාත්මක කළත් එය ක්‍රියාත්මක නොවූ බවත්ල ඊට පසුව තිබූ දුම්රිය ස්ථානයෙන් බැස එම දුම්රිය ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන්හට තමන් මුහුණ පෑ සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයිද පැමිණිල්ලේ සඳහන් වේ.

 

පැමිණිලිකාර නෙදර්ලන්ත ජාතික කාන්තාව මෙම සිද්ධිය සිදු වූ අවස්ථාවේදීල එම සොරකම සිදු වූ ස්ථානය, ගූගල් මැප්, එක ආධාරයෙන්, එකක් තම ජංගම දුරකථනයෙන් ලබා ගෙන තිබූ අතර එම ස්ථානය අඹන්පොළ පොලිස් වසමේ ප්‍රදේශයක් වීම හේතුවෙන් එහි විමර්ශන කටයුතු සඳහා අඹන්පොළ පොලිසිය වෙත දැනුම් දුන් බවද අනුරාධපුර සංචාරක පොලිසිය පවසයි.

views

776 Views

Comments

arrow-up