ගන්නවනම් මෙන්න කබා - ඩයනා කුමරිය ඇදි සුප්‍රසිද්ධ කබායක් ‍වෙන්දේසියට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

ගන්නවනම් මෙන්න කබා - ඩයනා කුමරිය ඇදි සුප්‍රසිද්ධ කබායක් ‍වෙන්දේසියට

ගන්නවනම් මෙන්න කබා - ඩයනා කුමරිය ඇදි සුප්‍රසිද්ධ කබායක් ‍වෙන්දේසියට

බ්‍රිතාන්‍යයේ අභාවප්‍රාප්ත ඩයනා කුමරිය ඇඳි සුප්‍රසිද්ධ රතු පැහැති කබාය ඩොලර් 50,000ක මුදලකට වෙන්දේසි කිරීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. 

 

රතු පැහැති කබාය මත සුදු පැහැයෙන් යුත් බැටලුවන් පිරිසක් සිටින ලෙස එය නිර්මාණය කර තිබේ. එහි තැනක එක් තනි කළු පැහැති බැටලුවෙකු ඇත. ඒ අනුව මෙම කබාය ‘Black Sheep Sweater' ලෙස ප්‍රසිද්ධියට පත්ව තිබුණි.
 

1981 වසරේදී එනම් ඇගේ වයස් අවුරුදු 19 දී මෙම කබාය හැඳ පෝලෝ තරගයකට සම්බන්ධව සිටින ආකාරය දැක්වෙන ඡායාරූපයක් ඇතුළු තවත් අවස්ථා රැසක ඡායාරූප පවතී. එම කාලය ඇය චාර්ල්ස් කුමරුන් හා විවාහයට යෝජනා වූ කාලය විය. මෙම කබාය බ්‍රිතාන්‍යයේ Warm and Wonderful සමාගමේ නිෂ්පාදනයකි.
 

ලබන සැප්තැම්බර් 07දා සිට 13දා දක්වා Sotheby’s වෙන්දේසි සමාගමේ නිව්යෝක් නුවර ප්‍රදර්ශනාගාරයේදී මෙම කබාය වෙන්දේසි කිරීමට නියමිතව ඇත.ඒ සඳහා අන්තර්ජාලය හරහා ලංසු ඉදිරිපත් කිරීමට අගෝස්තු 31දා සිට සැප්තැම්බර් 14දා දක්වා අවස්ථාව හිමිව තිබේ. මෙම කබාය සඳහා ඩොලර් 50,000 සිට 80,000ත් අතර මුදලක් ඉදිරිපත් වනු ඇතැයි විශ්වාසය වී තිබේ.

 

views

361 Views

Comments

arrow-up