ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් සුරූපී නිළි හිරුෂි වසුන්දරාගේ ඡායාරූපයක් අවභාවිතා කළේ යැයි චෝදනා (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
22

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් සුරූපී නිළි හිරුෂි වසුන්දරාගේ ඡායාරූපයක් අවභාවිතා කළේ යැයි චෝදනා (PHOTOS)

ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක් සුරූපී නිළි හිරුෂි වසුන්දරාගේ ඡායාරූපයක් අවභාවිතා කළේ යැයි චෝදනා (PHOTOS)

ජනප්‍රිය චරිත නිතර මුහුණ පාන ගැටළුවක් තමයි තමන්ගේ සේයා රූ අනිසි ලෙස ප්‍රසිද්ධියේ භාවිතා වීම.



කතාව ධනාත්මක එකක් ද සෘණාත්මක එකක් ද එයින් අදාළ පුද්ගල චරිතයට වන බලපෑම කොහොම එකක්ද යන කාරණා ගැන නොසිතාම එහෙම ඡායාරූප භාවිතා කිරීම තුළ ඒ ඒ චරිත මුහුණ දෙන අපසහුතාවන් බොහොමයක් බව හැමෝම දන්නා කරුණක්.



පුංචි තිරයේ ජනප්‍රිය තාරකාවක් වුණු හිරුෂි වසුන්දරාටත් එහෙම අපහසුතාවකට මුහුණ දෙන්න සිදු වෙලා තියෙනව.



බලන්න මේ ඡායාරූපය ඔබට සමීප එකක්ද කියලා....



ගුරුවරියක් සම්බන්ධ කවර කතාවකට වුවද ඡායාරූපය විදියට මේ රුව භාවිතා කරන අවස්ථා අපි සෑහෙන්න දැකලා තියෙනවා.



ජනප්‍රිය මාධ්‍ය ආයතනයක් ඒ විදියට ඇයගේ මෙම ඡායාරූපය යොදාගැනීම ගැන ඈ සිය ෆේස්බුක් ගිණුමට සටහනක් ද එකතු කර තිබුණා.



විශේෂම කාරණය එහෙම ඇගේ ඡායාරූපය යොදාගත් පුවතින් ඇයට සෘණාත්මක බලපෑමක් එල්ල වීම....



''වගකිව යුතු මාධ්‍ය ආයතනයක් නම් මාධ්‍ය භාවිතාවේ ආචාරධර්ම ගැන මීට වඩා සැලකිලිමත් වෙන්න.



මම සිංහල දෙමළ හැමෝම එක්ක වෘත්තීයමය කටයුතු කරන කෙනෙක්.



Google search කරලා සාරියක් ඇඳපු කෙනෙක්ගෙ photo එකක් හොයාගෙන අපරාධමය වරදක චූදිතයෙක් නිරූපණය කරන්න යොදාගැනීමම එක අතකින් ඡායාරූප හිමිකරුගේ ගරුත්වය විනාශ කරනවා සහ ඔහු/ඇය පිළිබඳ වැරදි මතයක් සමාජගත කිරීමක්.



තමුන්ගෙ මාධ්‍ය ආයතනය දෙවරක්ම මේ විදිහට ප්‍රසිද්ධියේ මාගේ ඡායාරූප අවභාවිතා කර තිබෙනවා.



අපහාසයක් කරන්න පුළුවන් නම් ප්‍රසිද්ධියේ සමාවත් ගත යුතුයි...''



ඊට අදාල ඡායා රූපයන් පහතින්,

 

 

 

views

412 Views

Comments

arrow-up