PCR කරන්න ඇවිත් ගුරුවරියකගේ හද ගැස්ම පරීක්ෂා කරන්න හැදූ PHI

නිවසක නිරෝධායනයේ සිටි පාසල් ගුරුවරියකගේ PCR පරීක්ෂණයකට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් බව කියන පුද්ගලයෙකු එම ගුරුවරියට අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව අනුරාධපුර පොලිසිය ප්‍රකාශ කරනවා.
ගුරුවරිය තම පාසලේ කොරෝනා ආසාදිතයෙකු හමු වීමත් සමග ඇයගේ නිවසේ නිරෝධායනයට ලක්ව සිට ඇති අතර එම ගුරුවරියගේ නිවසට PCR පරීක්ෂණ කිරීමට පෙරේදා (29) දිනයේ පෙරවරුවේ ගුරුවරිය පදිංචිව සිටි නිවෙසට ගිය සැකකාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැමිණ තිබෙනවා.
PCR පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව ගුරුවරියගේ හද ගැස්ම ද පරික්ෂා කිරීමට අවශ්‍ය බව පවසා ඇයට අතවරයක් කළ බව කියමින් අදාල ගුරුවරිය අනුරාධපුර පොලිසියට පැමිණිලි කර තිබෙනවා.
1488 Views
Comments