මව රහසේ බැඳි අනියම් පෙම පුතාගේ ඉරණම වෙනස් කරලා - 21 හැවිරිදි තරුණයා අභිරහස් රැසක් සමඟ පොලිසියෙන් සොයාගනී

ඔහුට වයස අවුරුදු 21යි.. යන යන හැමතැනකම තමගේ යතුරු පැදියෙන් ගමන් කරන එක මේ තරුණයාගේ පුරුද්දක් වෙලා තිබුණා..
දවසක් මෙහෙම මහමග යනකොට ඔහුට අත්විඳින්න සිද්ධ වෙන්නේ වෙනස්ම අත්දැකීමක්.. ඔහු යන මග හරස් කරමින් කිසියම් පිරිසක් පැමිණ මේ තරුණයාව පැහැරගෙන යන්නේ මහ දවාලේමයි..
ඉන් පසු ඒ ගැන හෝරා කිහිපයකින් ඔහුගේ ගෙදරය සැල වෙනවා... අම්මා එක්ක තනියම නිවසේ ජීවත්වුණු මේ තරුණයා ගැන සොයන්නට බොහෝ දෙනෙක් එක්වෙන්නේ ඒ අනුවයි.. පසුව ඔහුගේ මව මේ ගැන ළඟම පොලිස් ස්ථානයට පැවසුවා..
දින තුනකට පමණ පසු අදාල පුද්ගලයා සොයා ගැනීමය පොලිසිය සමත්වුණු අතර, ඒ පිටුපස ඇති කතාව ඇසූ සැනින් මේ සිද්ධිය දැනසිටි පුද්ගලයින් විශාල පිරිසක් විමතියට පත් වුණා.. ඒ මෙම තරුණයා පැහැර ගෙන ගොස් ඇත්තේ එම තරුණයාගේ මවගේ අනියම් පුරුෂයා බව අනාවරණය වීමත් සමඟයි..
එම තරුණයාගේ මව සැකකරු මඟහැර ගොස් සැඟව සිටීම හේතුවෙන් එයට පළිගැනීමක් ලෙස මෙම පැහැර ගැනීම සිදුකර ඇතිබවයි දැනගන්න ලැබෙන්නේ.. මේ තරම් දවසක් ඇය හොරෙන්ම පවත්වගෙන ගිය ඒ සම්බන්ධය ගැන බොහෝ දෙනා දැනගන්නේ අන්න ඒ සිද්ධියෙන් පස්සෙයි..
කොහොම වුණත් සැමියත් නැතුව නිවසේ තනිවුණු ඇයට දැන් මේ ගමේ ජීවත් වෙන්නත් බැරි තත්වයක්ලු තියෙන්නේ..
317 Views
Comments