දීපිකා අළුත උපන් දියණිය සමඟ ඡායාරූප අන්තර්ජාලයට එක්කරයි? (PHOTOS)

දීපිකා - රන්වීර් යුවළගෙන් සුබ ම සුබ ආරංචියක් ඇවිත්, තවම ගෙවිලා ගියේ දවස් දෙකයි.
ඔවුන් පහුගිය දවසක (08) කාටත් කියලා තිබුණා, තමන් දෙදෙනා දියණියකගේ දෙමාපියන් වුණු බව.
වාර්තා වුණු හැටියට දියණිය උපත ලබා ඇත්තේ මුම්බායිහි දී.
දීපිකා - රන්වීර් සිය පළමු දරුවා අපේක්ෂාවෙන් පසුවන බව නිල වශයෙන් ම ප්‍රකාශ කළේ පෙබරවාරි මාසයේ.
ගැබ් ගැනීම නිවේදනය කළ තැන සිට ම සුබපැතුම්වලටත් වඩා දීපිකාට එල්ල වුණේ විවේචන.
බොහෝදෙනා අනුමාන කරන්න ගත්තා ඇය ව්‍යාජ විදියට කුසක් දරාගෙන රසික සමූහයාව මුළා කරන බව.
නමුත් ඒවාට දීපිකා හෝ රන්වීර් උත්තර දෙන්න ඉස්සර නොවීමත් කැපී පෙනුණා.
එවන් විවේචන මැද මෑතකදී, දීපිකා - රන්වීර් දෙන්නා අපූරු ඡායාරූප එකතුවක් ද සමාජ මාධ්‍ය වෙත මුදා හැරලා තිබුණා.
ඉන් පසුවයි ඔවුන් 'දියණියගේ උපත' ගැන නිවේදනය කළේ.
ගැබ් කාල සීමාවේදී විවිධාකාර විවේචන එක්ක හැප්පුණු දීපිකාව, ඔන්න ආයෙමත් අන්තර්ජාලයේ කතාබහට ලක්වෙන්න පටන් අරන්.
දීපිකා විතරක් නෙවෙයි, ඇගේ අළුත උපන් බිළිඳාවත් ඊට ඈඳාගෙන !!!
ඒ, 'ව්‍යාජ ඡායාරූප' (AI-උත්පාදිත පින්තූර) රැසක් එක්ක.
''Deepika with her newborn daughter'' මැයෙන් සිරස්තල සහිත මේ 'සංස්කරණය කරන ලද' ඡායාරූප අන්තර්ජාලය කළඹලා කිව්වොත් හරි.
ජනප්‍රිය තරු විෂයෙහි නිර්මාණය වන මෙවන් දෑ, අතිශය සාමාන්‍ය කාරණාවක් වුණත් ''දීපිකාගේ ගැබ් ගැනීමත් ඇයගේ දරු ප්‍රසූතියත්'' ව්‍යාජ පුවත් මවන අයවලුන්ට නම් තවම උණුසුම් මාතෘකාවක්ව ඇති හැඩයි.
8203 Views
Comments