“සින්දු නැවැත්තුවොත් එයා අවුල් යනවා” - පුංචි පුතා ගැන මුතු තරංගා කියන කතාව (VIDEO)
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
14

“සින්දු නැවැත්තුවොත් එයා අවුල් යනවා” - පුංචි පුතා ගැන මුතු තරංගා කියන කතාව (VIDEO)

“සින්දු නැවැත්තුවොත් එයා අවුල් යනවා” - පුංචි පුතා ගැන මුතු තරංගා කියන කතාව (VIDEO)

තිරයේ නිතරම ඔබ දැක පුරුදු ඇය නමින් මුතු තරංගා. රංගන ශිල්පිනියක් විදිහට විතරක් ම නෙවෙයි. ගායන ශිල්පිනියක් විදිහටත් ඇය අතිශය ජනප්‍රියයි. දැන් ඈ දඟ පොඩ්ඩෙකුගේ අම්මා කෙනෙක්. 


මේ වැඩසටහන අතරවාරයේ මුතූගේ පුංචි පුතා වැඩසටහනට පැමිණියා. සජීවී වැඩසටහනකට පළමු වරට ලු‍ ඔහු මේ විදිහට සහභාගි වෙන්නේ. මේ අවස්ථාවේදී මුතූ පුංචි පැටියා ගැන කිව්වේ මේ වගේ කතාවක්ත්‍'

 

“එයාගේ නම තියෝන්” එයාට එන මාසේ පලවෙනිදාට අවුරුදු දෙකක්.


එයාගේ කොණ්ඩෙ දිගට වවලා තියෙන්නේ අපි දන්නේ නැහැ බබෙක්ගේ කොණ්ඩෙ කපන්න ඕනේ කාලය. පොඩි කාලෙම කොන්ඩෙ කපන්න ඕනේලු‍. කතා කරන වයසෙදි කොණ්ඩෙ කපන්න හොඳ නැහැ කියනවා. ඉතින් වැඩිහිටියො කියන දේත් ටිකක් අහන්න ඕනේ නිසා කොණ්ඩෙ කැපුවෙ නැහැ.


දැන් අවුරුදු දෙකක් වෙනවා එයාගෙ කොණ්ඩෙටත්. එයාට තියෙන්නේ මගෙ පුංචි කාලේ කොන්ඩෙ. එයා සින්දුවලට හරි ආසයි. එයා සින්දුවලට නටනවා. සින්දු නැවැත්තුවොත් එයා අවුල් යනවා. එයා බඩේ ඉන්නකොටත් මම සින්දු කිව්වා. එයා මට වඩා තාත්තා එක්ක තමයි එකතු. එයාව එළියට එක්කන් යන්නෙත් තාත්තා. පුතා පුංචි කාලේ මං වගේ කියලා හැමෝම කිව්වා දැන් නිෂාන්ත වගේ වෙනවාලු.”

 

 

views

214 Views

Comments

arrow-up