මවකගේ සහ සිඟිත්තියකගේ නිසල සිරුරු වෙරළෙන් හමුවෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
29

මවකගේ සහ සිඟිත්තියකගේ නිසල සිරුරු වෙරළෙන් හමුවෙයි

මවකගේ සහ සිඟිත්තියකගේ නිසල සිරුරු වෙරළෙන් හමුවෙයි

උතුරු කළුතර වෙරළ තීරයේ ස්ථාන දෙකකදී හමුවූ 31 හැවිරිදි මවගේ හා අවුරුදු 02 යි මාස 02 ක් වයසැති දියණියගේ මළ සිරුරු සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

 

පොලිසියට ලද තොරතුරකට අනුව මෙම මවගේ හා දියණියගේ මළ සිරුරු සොයා ගැනුනේ පෙරේදා (27) රාත්‍රී 10.00 ට පමණය.

 

මෙලෙස මියගොස් ඇත්තේ පයාගල, හල්කඳවිල, ඇබ්ලට් ජනපදයේ පදිංචිව සිටි සඳමාලි ගීතිකා කුමාරි නමැති මව් හා ඇගේ දියණිය වූ නෙතුනි නිහන්සා නමැති දැරියකි.

 

මෙම මියගිය කාන්තාවගේ සැමියා නිතර බීමතින් පැමිණ ඇය සමග ආරවුල් ඇති කරගෙන ඇතැයි හෙළි වූ බව කළුතර උතුර පොලිසියේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

 

මේ හේතුවෙන් ඇය තම දියණිය සමග මුහුදට පැන දිවිනසා ගන්නට ඇතැයි සැකකරන බව පොලිසිය පවසයි.

 

මියගිය කාන්තාවගේ හා ඇගේ දියණියගේ සිරුරු මියගිය කාන්තාවගේ මාමා වන ඇම්. පත්මකුමාර විසින් හඳුනාගෙන තිබේ.

 

දැරියගේ මළ සිරුර කළුතර ටැන්ජරින් හෝටලය අසල වෙරළ තීරයේදී ද මවගේ මළ සිරුර කැලිඩෝ වෙරළ තීරයේදී ද සොයා ගත් බව පොලිසිය පවසයි.

 

මේ පිළිබඳව කළුතර උතුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

views

145 Views

Comments

arrow-up