සියල්ලන් මවිත කරමින් මියගිය කාන්තාවකට මිනී පෙට්ටියේදී පණ ආ හැටි (PHOTOS)

වෛද්‍යවරුන් විසින් මියගොස් ඇති බවට සහතික කළ කාන්තාවකට එක්වරම සිය මිනී පෙට්ටියේදී පණ ලැබීමේ පුවතක් පසුගියදා ඉක්වදෝරයෙන් වාර්තා විය.
එරට බබාහෝයෝහි වාසය කළ 76 හැවිරිදි බෙල්ලා මොන්ටොයා නම් කාන්තාවක් මෙලෙස මියගොස් යළිත් පණ ලබා තිබේ.
පසුගියදා ඇති වූ හදිසි හෘදයාබාදයක් සමගින් පවුලේ ඥාතීන් ඇය රෝහල්ගත කර ඇති අතර, ඊට පැය තුනකට පමණ පසුව ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුත් සහතික කර තිබේ. ඒ අනුව එම මරණ සහතිකයද සමගින් ඔවුන් අදාළ කාන්තාවගේ සිරුර අවසන් කටයුතු සදහා අවමංගල්‍ය ශාලාවක් වෙත භාරදී තිබේ.
ඉන් පැය පහකට පමණ පසුව එම අමංගල්‍ය ශාලාවේ පිරිස් එම කාන්තාවගේ සිරුරට අදාළ කටයුතු සදහා ඇගේ ඇඳුම් මාරු කිරීමට එම මිනී පෙට්ටිය විවෘත කර ඇති අතර, එම අවස්ථාවේදී කාන්තාව හුස්ම පිට කිරීමක් සිදු කර තිබේ.
ඇගේ පුත්‍රයා ඇතුළු පවුලේ ඥාතීන්ද මෙම අවස්ථාවට සම්බන්ධ වී ඇති අතර, ඔවුන් ඇගේ එක් අතක් හෙලවන ආකාරයද දැක තිබේ. "පෙට්ටිය ඇතුළේ හිටපු නිසා අම්මා හුස්ම ගැනීමේ අපහසුවකින් ඉදලා තියෙන්නේ. එයා වම් අත හෙලෙව්වා. ඊට පස්සේ ඇස්, කට අරින්න උත්සාහ කළා." යනුවෙන් ඇගේ පුතා පවසයි.
ඒ අනුව අවට සිටි පිරිස් වහාම ගිලන් රථයක් කැදවා ඇය රෝහල්ගත කිරීමට කටයුතු යොදා තිබේ. එහිදී ඇය යළිත් රෝහල්ගත කර ඇත්තේ ඇය මියගිය බවට සස්තාථ කළ රෝහලට වීමද විශේෂත්වයකි.
ඉන් අනතුරුව ඇය දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති අතර, ඇගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවත් පුත්‍රයා පවසයි. මෙම කාන්තාවද හෙදියක ලෙස සේවය කර විශ්‍රාම ගිය තැනැත්තියකි. "දැන් මගේ අම්මා ඉන්නේ ඔක්සිජන් යන්ත්‍රයක පිහිටෙන් ඇගේ හදවත ස්ථාවරව පවතිනවා.
ඇය වෛද්‍යවරුන්ගේ ප්‍රශ්නවලට ප්‍රතිචාර දැක්වුවා.” ඔහු පවසා තිබේ. මේ අතර අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි ඉක්වදෝර සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
672 Views
Comments