“අපෙ ඩඩා බෑන්ක් මැනේජර් නිසා බිසී” - බැංකු කළමණාකාරු යැයි කියූ පියා කොත්තු බාස් කෙනෙක් වෙලා - වසර 12ක පචේ අතේ මාට්ටුවී තරුණියකට වූදේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAY
24

“අපෙ ඩඩා බෑන්ක් මැනේජර් නිසා බිසී” - බැංකු කළමණාකාරු යැයි කියූ පියා කොත්තු බාස් කෙනෙක් වෙලා - වසර 12ක පචේ අතේ මාට්ටුවී තරුණියකට වූදේ

“අපෙ ඩඩා බෑන්ක් මැනේජර් නිසා බිසී” - බැංකු කළමණාකාරු යැයි කියූ පියා කොත්තු බාස් කෙනෙක් වෙලා - වසර 12ක පචේ අතේ මාට්ටුවී තරුණියකට වූදේ

නමින් ශ්‍යාමලී වූ ඇය ඇගේ තත්වය ගැන, තරාතිරම ගැන මහත් ඉහලින් සිතූ තැනැත්තියක් බවට පත්වූයේ මවගේ ක්‍රියාකාරකම් හේතුවෙන්ය.

 


රාජ්‍ය ආයතනයක සේවය කල ඇගේ මව තම සැමියා කරන රැකියාව ගැන සෑහීමකට පත්වූයේ නැත්තේ තමා කරන රැකියාව හා සංසන්දනය කිරීමෙනි.

 

 

එබැවින් ඇය තම දරුවන්ටද පියාගේ රැකියාව වසන් කරන ලෙස කුඩා කල පටන් හුරු කරවූවාය.

 


වෙනත් නගරයක කුඩා හෝටලයක් කරගෙන යන පියාගේ රැකියාව බැංකු කළමණාකරුවෙකු ලෙස හුවා දැක්වීමට මවගේ මාන්නයෙන්ම හිස් පුරවාගත් දියණිවරුද කටයුතු කළහ.

 


පාසලේදී මෙන්න පංති වලදීද පියා ඒවාට සහභාගී නොකරවාගත් අතර “අපෙ ඩඩා බෑන්ක් මැනේජර් නිසා බිසී”යැයි යහලු යෙහෙලියන්ට පුරසාරම් දෙඩවීය.

 


වැඩිමහල් දියණිය ඇගේ පාසල් කාලය නිමාවී විශ්ව විද්‍යාල දිවියේ අගටද පැමිණිය අතර පෙම්වතාටද පෙර බොරුවම ගෙතුවාය.

 


කෙසේ හෝ එක් දිනයක නොසිතූ මොහොතක ඇය හදිසි රිය අනතුරකට භාජනයවූයේ විශ්ව විද්‍යාලයෙන් පිටවී නිවසට යන අවස්ථාවේය.

 


ඇගේ මිතුරු මිතුරියන් එක්ව ඇයට රොහල් ගත කල අතර හදිසි සැත්කමකටද භාජනය කිරීමට සිදුවිය.

 


මේ අතරතුර ඇයගේ මිතුරියන් පිරිසක් පවුලේ උදවියව සම්බන්ධ කර ගැනීමට උත්සහ කල අතර මවව හෝ සහෝදරියව සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.

 


මිතුරන් කිහිපදෙනෙක් ඇයගේ නිවසට යාමට තීරණය කල අතර ඔවුන් නිවසට පැමිණියත් නිවසේ කිසිවෙකු නොසිටි අතර අසැල්වැසියෙක් පියා සිටින තැන දැන්විය.

 


ඒ අනුව එම ස්ථානයට ගිය ඔවුන්ට දැකගත හැකිවූයේ කොත්තු සකස් කරමින් දහඩිය වගුරවන තරුණියගේ පියාය.

 


සිදුවූ දෙය පැවසීමට පෙර මිතුරියගේ බොරුව සිහිවී ගල් ගැසී බලා සිටි ඔවුන් සිදුවූ දෙය පියාට විස්තර කරද්දී පියාගේ නෙතට ආ කඳුළු මැදින් “පුතාලා අපෙ දුවගේ යාලුවෝ නේද?, අනේ එහෙනම් වයිෆ් ආවම මම එයාව එවන්නම්” යැයි පැවසූවේය. 

 


පියා මෙලෙස පැවසුවේ තම බිරිඳගේ සහ දරුවන්ගේ බොරුව පිළිබඳව දැනීමකින් යුතව බව මිතුරන්ට වැටහුණි.

 


“ඇයි ඔහොම බොරු කියන්නෙ, ජීවිතේ අපිට ලැබෙන්නෙ එක අම්මයි, එක තාත්තායි විතරයි නේද?” යනුවෙන් ඇයගේ මිතුරන් තම මිතුරිය ගැන කලකීරීමෙන් යුතුව කතා කරන්නට විය.

 


මෙම කතාව හුදෙක් එකම එක සත්‍ය සිදුවීමක් පමණක් නොව මෙවන් කතා තවත් බොහෝ ඇත. තරා තිරම කුමක් වුවත් මව මවමය. පියා පියාමය, සැමියා බිරිඳ කෙසේ වෙතත්  බොරු මාන්නය පසෙක තබා මව මවක් ලෙසත් පියා පියෙකු ලෙසත් තරාතිරම කුමක් වුවත් පිළිගැනීම දරුවන්ගේ යුතුකමයි.

views

177 Views

Comments

arrow-up