අභිරහසක් ඉතිරි කරමින් නිවස තුල මියගිය නීතීඥ දුෂ්මන්ති (PHOTOS)
විදේශගත ඔබට
Latest_News
calendar
APR
01

අභිරහසක් ඉතිරි කරමින් නිවස තුල මියගිය නීතීඥ දුෂ්මන්ති (PHOTOS)

අභිරහසක් ඉතිරි කරමින් නිවස තුල මියගිය නීතීඥ දුෂ්මන්ති  (PHOTOS)

රත්නපුර පැල්මඩුල්ල ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගොස් සිටි නීතිඥවරියකගේ සිරුර ඇය පදිංචිව සිටි නිවසේ නිදන කාමරයේ තිබී හමුවී තිබේ.

 


මෙලෙස මියගොස් තිබුනේ නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) නමැති විවාහක නීතීඥ වරියයි. ඇයගේ මරණය සිදුව ඇති බව මුලින්ම දැනගන්නට ලැබ ඇත්තේ ඇයගේ නිවසේ පිරිසිඳු කිරීමට හා රැක බලාගැනීමේ කටයුතු සඳහා බාහිර සිට දිනපතා පැමිණ යන මෙහෙකාර කාන්තාවකටය. 

 

මෙම මෙහෙකාර කාන්තාව 31 දින උදේ නිවසට පැමිණ බලද්දී ඉදිරිපස දොර අගුලු නොදමා තිබී ඇති අතර වෙනදාටත් ඇය එද්දී එලෙස පවතිනනිසා සැකයක් නැතිව ඇතුළට ඇවිත් වැඩ කරගෙන යද්දී කාමරයේ නීතීඥ නෝනා දිගටම නිදාසිටින බව තේරුම් යාමෙන් ඇය අසළට ගොස් පරීක්ෂා කර තිබේ. එම අවස්ථාවේ සිරුර සීතලව ඇති බව දැක ඇය බියට පත්ව අසල්වාසීන් කැඳවා ඇත.

 


පසුව පොලිසියද පැමිණ ඇගේ මරණය පිලිබඳ විමර්ශන අරඹා තිබුණි.

 


මෙම නීතීඥ මහත්මිය සේවය කරමින් සිටියේ පැල්මඩුල්ල සහ රත්නපුර මහෙස්ත්‍රාත් අධිකරණවලය. කෙසේ වෙතත් ඇයගේ සැමියා සම්බන්ධ විස්තර පැහැදිලි නැත. පොලිසිය දැනට ලබාදී ඇති තොරතුරු අනුව සිද්ධිය සිදුවූ දිනයේ සැමියා බුලත්වැල්ගොඩ නිවසේ සිටියේ නැතැයි පොලිසියට ඔහු පවසා ඇති බව වාර්තා කර තිබේ.

 

නිවසේ ඔහු වාසය කරන්නේද නැද්ද යන්න ගැන තහවුරු කර නැත.
මරණය සිද්ධවූ ආකාරය ගැන තොරතුරුද තවම පොලිසිය කරුණු විස්තර කර නැත.

 

මියගිය කාන්තාව මියයන්නට පෙර දිනයේ රාත්‍රි ඥාතියෙකුට යැවූ එස්එම්එස් පණිවිඩයක ඇයට කළ පහරදීමක් ගැන තොරතුරු සටහන් වන බව පොලිසිය පවසා ඇති අතර ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන බව පමණක් දැනට අනාවරණය කර තිබේ.පණිවිඩය අනුව එකී පහරදීම කළේ කවුදැයි පොලිසිය අනාවරණය කර නැත.

 


ඇගේ මරණයට මෙම පහරදීමේ සිදුවීම සම්බන්ධයක් ඇතැයි අනුමාන කෙරේ.



නීතිඥ දුෂ්මන්ති අබේරත්න (40) මහත්මියගේ සිරුර ඇය නිදන කාමරයේ නිදන ඇඳ මත ඊයේ උදෑසන තිබියදී පැල්මඩුල්ල මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරියගේ නිවෙසට පැමිණ ස්ථානීය පරීක්ෂණය සිදු කළේය. එහිදී මෙහෙකාර කත හා ප්‍රදේශවාසී කාන්තාවක් ද මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේ ප්‍රකාශයක් ලබා දුන්නාය.

 

සිරුර ඊයේ (31 දා) දහවල් අධිකරණ වෙද්‍ය පරීක්ෂණය සඳහා කහවත්ත මූලික රෝහලට රැගෙන එනු ලැබූ අතර එහිදී ලැබෙන නිගමනය අනුව ඉදිරි පරීක්ෂණ සිදු කරන බව පැල්මඩුල්ල පොලිසිය පවසයි.

 

views

333 Views

Comments

arrow-up