ජනප්‍රිය “ටික්ටොක්” තාරකාවක් වෙඩි තබා ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
28

ජනප්‍රිය “ටික්ටොක්” තාරකාවක් වෙඩි තබා ඝාතනය කරයි

ජනප්‍රිය “ටික්ටොක්” තාරකාවක් වෙඩි තබා ඝාතනය කරයි

ඉරාකයේ ජනප්‍රිය TikTok තාරකාවක් ලෙස ප්‍රකට “නූර් බීඑම්” සඳුදා බැග්ඩෑඩ්හිදී වෙඩි තබා ඝාතනය කර  තිබේ.

 

සමාජ මාධ්‍යවල “නූර් බීඑම්” ලෙස හැඳින්වෙන 23 හැවිරිදි නූර් අල්සෆාර්ට Instagram සහ TikTok හි මිලියන 3 කට වැඩි අනුගාමිකයින් සිටි බව කියැවේ.

 

සංක්‍රාන්ති ලිංගිකයෙකු බව පැවසෙන නූර් බීඑම් සමාජයට හානිකර කිසිවක් පළ කළ අයෙකු නොවේ.

 

අල්සෆාර් බොහෝ විට පළ කළේ ඇඳුම්, හිසකෙස් සහ වේශ නිරූපණ, බොහෝ විට සංගීතයට නැටුම් පෙන්වන කෙටි වීඩියෝ බව එරට මාධ්‍ය පවසයි.

 

කෙසේ වෙතත් මෙම පුද්ගලයා ජනප්‍රියවීම නිසා ඉරාකයේ සමලිංගිකත්වය හෝ සංක්‍රාන්ති ලිංගිකයින් නුරුස්සන අයට හිසරදයක් පැවති බවට මීට පෙර අවස්ථා ගණනාවකදී ඇතිවූ සිද්ධි සාක්ෂි දරයි.

 

වෙඩි තැබීමට පෙර, අල්සෆාර් අන්තර්ජාල අපයෝජනයට මෙන්ම ලිංගිකත්වය සහ ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ ප්‍රශ්නවලට මුහුණ දුන්නේය. ඉරාකයේ අල් වලා නාලිකාවේ 2020 සම්මුඛ සාකච්ඡාවකදී අල්සෆාර් මෙසේ පැවසීය: “මම සංක්‍රාන්ති ලිංගිකයෙකු නොවන අතර මම සමලිංගිකයෙකු නොවේ. මට වෙනත් නැඹුරුවාවන් නැත, මම නිරූපිකාවක් පමණි. “



වෙඩි තැබීමේ පුවතෙන් පසු බොහෝ දෙනෙක් අල්සෆාර්ගේ මරණය ගැන ශෝක වූවාසේම තවත් සමහරු වෙඩි තැබූ පුද්ගලයා සමරමින් එයට ඔල්වරසන් දුන් බව සීඑන්එන් වාර්තා කර තිබේ.



ඉරාක පොලිසියේ ප්‍රකාශක Khaled Almehna, ප්‍රහාරය “සාපරාධී සිදුවීමක්” ලෙස විස්තර කර තිබේ.

 

ඉරාකය 'සමලිංගිකත්වය' යන යෙදුම පවා භාවිතා කිරීමට මාධ්‍යවලට තහනම් කර ඇති අතර ඔවුන් 'ලිංගික අපගමනය' ලෙස එය භාවිතා කළ යුතු බව පවසයි



ඉරාකය LGBTQ ප්‍රකාශනය මර්දනය කර එය නීතියෙන් අපරාධයක් කිරීමට පියවර ගැනීමත් සමඟ මෙම ඝාතනය සිදුවීම මත අන්තවාදී කන්ඩායමක් මෙම ඝාතනය පසුපස සිටිනු ඇතැයි උපකල්පණ කෙරේ.

views

478 Views

Comments

arrow-up