“මම ඩ්‍රයිවින් සිට් එකෙන් බහින කොටම වගේ අම්මා ගල ඉවත් කළත් එක්කම කාර් එක පහළට ගියා”‍ - මියගිය කථිකාචාර්යවරියගේ පුතා
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
10

“මම ඩ්‍රයිවින් සිට් එකෙන් බහින කොටම වගේ අම්මා ගල ඉවත් කළත් එක්කම කාර් එක පහළට ගියා”‍ - මියගිය කථිකාචාර්යවරියගේ පුතා

“මම ඩ්‍රයිවින් සිට් එකෙන් බහින කොටම වගේ අම්මා ගල ඉවත් කළත් එක්කම කාර් එක පහළට ගියා”‍ - මියගිය කථිකාචාර්යවරියගේ පුතා

මෝටර් රථයේ ඉදිරිපස රෝදය අඩ කිරීමට තබා තිබූ ගල ඉවත් කිරීමත් සමඟ සිදු වූ අනතුරකින් කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන (59) මහත්මිය අවාසනාවන්ත ලෙස මිය ගියාය.මෙම අනතුර සිදුවූ ආකාරය ගැන මරණ පරීක්ෂණයේදී කරුණු හෙළිව තිබේ.

 

මෙම අනතුර සම්බන්ධයෙන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී හදිසි මරණ පරීක්ෂක බන්දුල ජයසිංහ මහතා ඉදිරියේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්විණි. මියගිය කථිකාචාර්යවරියගේ පුත්‍රයා වන දුලන චන්දිම ජයවර්ධන (32) මහතා සාක්ෂි දෙමින් සිදුවීම විස්තර කළේය.

 

"කාර් එකේ ඉදිරිපස රෝදයේ අඩයට තබා තිබූ ගල ඉවත් කිරීමත් සමඟම එක එකපාරටම පහළට ධාවනය වුණා. මමයි, නෝනයි, අම්මයි තුන්දෙනාම කාර් එක අල්ලගෙන නවත්වා ගන්න උත්සාහ කළත් කාර් එක පහළටම ගියා. අපි දෙන්නා දෙපැත්තට පැන්නත්, අම්මා කාර් එකට යට වුණා," යනුවෙන් දුලන ජයවර්ධන මහතා පැවසීය.



කොහුවල, ජයසුමනාරාම පාරේ පදිංචිව සිටි ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන මහත්මිය දෙදරු මවක් වන අතර, ස්ත්‍රී - පුරුෂ සමාජභාවය පිළිබඳ විද්වත් අධ්‍යයන රැසක් සිදු කර ඇති ඇය එක්සත් රාජධානියේ යෝක් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබාගෙන තිබේ.

 

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් සාක්ෂි දෙමින් දුලන ජයවර්ධන මහතා මෙසේ පැවසීය:

 

"මගේ තාත්තා කිතුල්ගල ප්‍රදේශයේ හෝටලයක් පවත්වාගෙන යනවා. ඉකුත්දා (7) අම්මයි, මමයි, නෝනයි, දින තුනක කාලයක් එහේ නවතින්න යන්න සූදානමින් තමයි හිටියේ. මගේ කාර් එක නිවෙසින් ඉදිරිපස මාර්ගයට ගත්තත් එහි යම් දෝෂයක් හේතුවෙන් එකවරම ඇන්ජීම නැවතුණා. කාර් එකේ ඉදිරිපස දකුණු පස රෝදයට අඩයට ගලක් තබා අපි (පික්මි) කුලී මෝටර් රථයක යන්න අදහස් කළත් අපගේ බඩුබහිරාදිය ගොඩක් තිබුණු නිසා ඒ අදහස ද අත්හැරියා.

ඒ වන විට දවල් 1.10ට පමණ ඇති. මගේ කාර් එක නවත්වා තිබ්බේ නිවෙස ඉදිරිපිට මාර්ගයේ බෑවුම දෙසට මුහුණලායි. මම කිව්වා මේකෙම කොහොම හරි යමු කියලා. මම ඩ්‍රයිවින් සීට් එකේ අසුන්ගෙන ඉඳිද්දී නෝනයි අම්මයි ඉදිරිපස රෝදේ අඩේට තබා තිබූ ගල ඉවත් කිරීමට උත්සාහ කළත් බැරිවුණා. පසුව මම ඩ්‍රයිවින් සිට් එකෙන් බහින කොටම වගේ අම්මා ගල ඉවත් කළා. ඒත් එක්කම කාර් එක පහළට ධාවනය වුණා."

"අපි තුන්දෙනාම කාර් එක ඉදිරිපසට ගිහින් වැර යොදා එය වැළැක්වීමට උත්සාහ දැරුවත්, එය නතර කරන්න බැරි බව වැටහුණු නිසා අපි දෙපැත්තට පැන්නා. ඒත් අම්මට පනින්න බැරි වුණා. එයා කාර් එකට යට වුණා. ඒත් එක්කම කාර් එක ගිහින් නිවෙසක් ඉදිරිපිට තාප්පයක වැදිලා නතර වුණා. අපි දූවල ගියා කාර් එක ගාවට ඒත් අම්මව පිටතට ගන්න විදිහක් නැහැ. කාර් එකට යට වෙලා. අපි කෑ ගැහුවා අසල්වාසීන් දුවගෙන ඇවිත් අපි සියලු දෙනාම කාර් එක උස්සන්න බැලුවත් අපට ඒක කරන්න බැහැ. පස්සෙ ගරාජයකින් ලොකු ජැක් එකක් ගෙනල්ලා ඒක ගහලා තමයි කාරක උස්සලා අම්මාව පිටතට ගත්තේ. ඒ වෙනකොට විනාඩි තිහකට ආසන්න කාලයක් ගතවෙලා. අම්මා රෝහල් ගත කළත් අම්මා මිය ගිහින් බව දැන ගත්තා,"
යනුවෙන් දුලන ජයවර්ධන මහතා තවදුරටත් සඳහන් කළේය.

 

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය ඩබ්ලිව්.පී.එස්.ආර්. පතිරණ මහතා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීය. ඉදිරිපත් වූ සාක්ෂිකරුවන්ගේ සාක්ෂි හා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සැලකිල්ලට ගත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු බන්දුල ජයසිංහ මහතා මෝටර් රථයට යට වී සිදු වූ අනතුරෙන් පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරියගේ මරණය සිදුවී ඇති බවට නිගමනය කළේය.



සිද්ධිය සම්බන්ධයෙන් කොහුවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එච්.එස්. පරණගම මහතාගේ උපදෙස් මත රථවාහන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක එල්.එස්. බණ්ඩාර මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි.



මියගිය කථිකාචාර්යවරියගේ පුත්‍රයා වන දුලන චන්දිම ජයවර්ධන (32) මහතා සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති අතර, නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත.



අනතුරින් පසු කාන්තාව කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ නමුත් මිය ගොස් සිටි බව තහවුරු විය. කොහුවල පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව වාර්තා වෙයි.


කොළඹ විශ්වවිද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ හිටපු අංශාධිපති වශයෙන් කටයුතු කළ ආචාර්ය ජානකී දීප්තිකා ජයවර්ධන මහත්මිය එක්සත් රාජධානියේ යෝක් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා ගෙන තිබිණි. ඇය ස්ත්‍රී-පුරුෂ සමාජභාවය පිළිබඳ අධ්‍යයන රැසක් සිදු කර ඇති ප්‍රවීණ විද්වතෙකි. ජානකී ජයවර්ධන මහත්මිය හේමන්ත පද්මරාජා ජයවර්ධන මහතාගේ බිරිඳ වන අතර, ඔවුන්ට දරුවන් දෙදෙනෙකු සිටී.

 

මෙම සිදුවීම සම්බන්ධයෙන් කොහුවල පොලිසිය තවදුරටත් පරීක්ෂණ පවත්වන අතර, කොහුවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජනක කුමාර මහතාගේ උපදෙස් මත වැඩිදුර විමර්ශන සිදු කෙරේ.



මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්.ටී.එස්.ආර්. පතිරණ මහතා විසින් සිදු කරන ලද අතර, ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා අනුව මෝටර් රථයට යට වී පපුවට සිදුවූ බහුවිධ තුවාල හේතුවෙන් ඇයගේ මරණය සිදුවී ඇති බව තහවුරු විය.



මියගිය ආචාර්ය ජානකී ජයවර්ධනගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ඉරිදා (9) සිදු කෙරිණි.

 

මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් කොහුවල පොලිසිය තවදුරටත් විමර්ශන සිදු කරමින් සිටී.

views

433 Views

Comments

arrow-up