සමිඳු සහ සෙව්වන්දි අතර තිබුණු සම්බන්ධය ගැන වෙනස්ම කතාවක් එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
22

සමිඳු සහ සෙව්වන්දි අතර තිබුණු සම්බන්ධය ගැන වෙනස්ම කතාවක් එළියට

සමිඳු සහ සෙව්වන්දි අතර තිබුණු සම්බන්ධය ගැන වෙනස්ම කතාවක් එළියට

කොළඹ අලුත්කඩේ අධිකරණ භූමියේදී සිදුවූ පාතාල නායක ගනේමුල්ල සංජීවගේ ඝාතනය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු රැසක් අනාවරණය වී තිබේ. නීතිඥවරයෙකු ලෙස වෙස්වලාගෙන පැමිණි හිටපු කොමාන්ඩෝ සෙබළා සහ නීතිඥවරියක ලෙස පෙනී සිටි කාන්තාව අතර දීර්ඝ කාලීන සබඳතාවක් පැවති බව පොලිස් විමර්ශනවලින් හෙළිදරව් වී ඇත.



වෙඩිතබා ඝාතනය සිදුකළ සැකකරු වන සමිඳු දිල්ශාන් පියුමංග හෙවත් 'කමාන්ඩෝ සමිඳු' මහරගම ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු ලෙස කටයුතු කර ඇති අතර, ඔහු වසර දෙකකට පමණ පෙර අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වී ඇත. මෙම මත්ද්‍රව්‍ය භාවිත කරන කණ්ඩායමක් හරහා කෙසෙල්බද්දර පද්මේ නැමැත්තාගේ සමීපතමයෙකු වූ අවිශ්ක නම් පුද්ගලයා හමුවී ඇත.



විමර්ශනවලින් තවදුරටත් හෙළිවී ඇත්තේ ප්‍රධාන සැකකරු 2012 වසරේදී යුද හමුදාවේ තුන්වන කමාන්ඩෝ රෙජිමේන්තුවට බැඳී සේවය කර 2024 මැයි මාසයේදී පොදු සමාව යටතේ ඉන් ඉවත්ව සිටි බවයි.

 

සැකකරුවන් අපරාධයට පෙර ළැගුම්හල් දෛකක නැවතී ඇති අතර කඩුවෙල ප්‍රදේශයේ ලැගුම්හලක රැඳී සිට ඇති බව ලැගුම්හලේ සීසීටීවී දර්ශන පරීක්ෂාවෙන් හෙළිවී ඇත. එමෙන්ම WPCS-87 අංක දරණ සුදු පැහැති හොන්ඩා ෆිට් රථයක් ද සිද්ධිය සඳහා භාවිතා කර ඇති බව තහවුරු වී තිබේ.

 


මෙම වාහනයෙන් ඔවුනගේ ළැගුම්හල වෙත පැමිණි එහි රියදුරු නීතීඥ වෙසින් සිටීමට අවශ්‍ය ඇඳුම් සපයා තිබූ අතර සිද්ධිය සිදුවූ දා නීතීඥ සංගමයේ ස්ටිකරයක්් වාහනයේ අලවාගෙන අධිකරණය ඉදිරියට පැමිණ මොවුන් බස්සවා ඇත්තේද එම වාහනයෙනි.

 


මේ වනවිට එම වාහනය පොලිස්භාරයට ගෙන ඇත.

දැනට පලාගොස් සැඟව සිටින සැකකාර කාන්තාව වන ඉෂාරා සෙව්වන්දි, කෙසෙල්බද්දර පද්මේගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ බව තහවුරු වී තිබේ. සැකකරු සහ කාන්තාව මිනුවන්ගොඩ ප්‍රදේශයේ නිවසක රැඳී සිට ඇති අතර, ඝාතනයට පෙර කිහිප වතාවක්ම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණ භූමියට පැමිණ ඇති බව විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

 


වෙඩි තැබීමෙන් පසු සැකකරු ඇඳ සිටි ඇඳුම් කොච්චිකඩේ රිදී ඇළ මාර්ගයේ විසි කර ඇති අතර, පොලීසිය එම ඇඳුම් සොයාගෙන තිබේ.

 


පසුව ඔවුන් හයිලෙවල් පාරේ නුගේගොඩ, මහරගම කෙට්ටාව හරහා මීගමුව දෙසට පලාගොස් තිබේ.

 


විමර්ශන වාර්තා අනුව, ඝාතනයෙන් පසු සැකකරුවන්  මීගමුව හරහා පුත්තලම දෙසට පලා ගොස් ඇත. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනයේ වෙඩි තැබීමට යොදා ගත් ගිනි අවියේ ඡායාරූප සහ තවත් පිස්තෝලයක ඡායාරූප මකා දැමුවද, පොලිස් විමර්ශන නිලධාරීන් ඒවා සොයාගෙන තිබේ.



සැකකාර කොස්තාපල්වරයාගේ දුරකථනයේ අතුරුදන්ව සිටින සැකකාරියගේ දුරකථන අංක සොයාගෙන ඇති අතර, ඡායාරූප ගැලරියේ තිබූ පින්තූර මකා දමා තිබේ. ගනේමුල්ල සංජීවට වෙඩි තැබීමට භාවිත කළ රිවෝල්වරය සහ තවත් පිස්තෝලයක ඡායාරූප සති කිහිපයකට පෙර සැකකාරිය විසින් කොස්තාපල්වරයාට යවා ඇති බව හෙළිවී තිබේ.

 


මෙම කොස්තාපල්වරයා කාන්තාවට ඝාතනයට පෙර හා පසු කතාකර තිබෙන බව දත්තත අනුව අනාවරණය විය. ඔහු ඝාතනය ගැන දන්නේ නැතැයි පැවසීම සැකකටයුතුු බව පොලිසිය පවසයි.



පසුගිය 19 වැනි දින සිදුවූ ඝාතනයේදී, නීති පොතක් කුහරයක් ලෙස සකසා එහි ගිනි අවිය සඟවාගෙන අධිකරණ භූමියට ඇතුළු වී ඇති බව විමර්ශනවලින් හෙළිවී තිබුනි. සිද්ධියෙන් පසු වෙඩිකරු ගිනි අවිය එම ස්ථානයේ දමා පලා ගොස් ඇත.



මෙම පලායන අවස්ථාවේ අධිකරණ භූමිය තුළ හදිසි උදව්වක් වෙතොත් එය ඉටු කිරීමට කොස්තාපල්වරයා සූදානම්ව සිටි බවට සැක කරයි.



සිද්ධිය සම්බන්ධයෙන් මූලික විමර්ශන කෙසෙල්වත්ත පොලීසිය විසින් ආරම්භ කර ඇති අතර, වැඩබලන පොලිස්පතිතුමාගේ නියෝග පරිදි ඉදිරි විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පවරා ඇත.



දැනට පලාගොස් සිටින සැකකාරිය වන මීගමුව කටුවැල්ලේගමපාර පදිංචි පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇත. සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතාගේ අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සිදු කරමින් පවතී.

 

 

views

546 Views

Comments

arrow-up