වතුර බෝතලයේ දමාගෙනවිත් පාසල ඇතුලේ කසිප්පු විකුණූ සිසුවා මාට්ටු වූ හැටි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
27

වතුර බෝතලයේ දමාගෙනවිත් පාසල ඇතුලේ කසිප්පු විකුණූ සිසුවා මාට්ටු වූ හැටි

වතුර බෝතලයේ දමාගෙනවිත් පාසල ඇතුලේ කසිප්පු විකුණූ සිසුවා මාට්ටු වූ හැටි

කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය.

 

එම සිසුවා  පොලියට යොමු කිරිමෙන් අනතුරුව  තදින් අවවාද කර මුදා හල බවද කලවාන පොලිසිය පැවසීය .

 

මෙලෙස පාසල තුළ කසිප්පු අළෙවි කර ඇත්තේ එම පාසලේ 9 වන වසරේ සිසුවෙකි.

 

එම සිසුවා වතුර රැගෙන එන බෝතලය තුල මෙම කසිප්පු රැගෙන විත් පසුව කෝප්ප වල දමා ඉහල පන්ති වල ශිෂ්‍යයන්ට අළෙවි කර ඇති බව කලවාන පොලිසිය පැවසීය .

views

357 Views

Comments

arrow-up