නිවාඩු නිකේතනයට දෙමාපියන් සමඟ විනෝදවෙන්න ආ පුංචි මල් කැකුලකට අත්වුණු ඉරණම

කැස්බෑව, කහපොළ නිවාඩු නිකේතනයකට දෙමාපියන් සමග විනෝද වීමට පැමිණි සිව් හැවිරිදි කුඩා සිඟිති දරුවකු පෙරේදා පිහිනුම් තටාකයකට වැටී මරුමුවට පත්වී ඇතැයි කැස්බෑව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ තඹුත්තේගම, ඉකිලිවැව පදිංචිව සිටි සිතෙව් තනුල් නමැති දරුවෙකි.
මියගිය දරුවා සිය පියාගේ සහෝදරියගේ නිවසට මීට දින කීපයකට ඉහතදී පැමිණ තිබේ.
එම සහෝදරයා හා සහෝදරිය ඔවුන්ගේ කුඩා දරුවන් සමග විනෝද වීම සඳහා මෙම නිවාඩු නිකේතනය සඳහා පැමිණ තිබේ.
එහිදී කුඩා දරුවන්ට වෙන් වූ පිහිනුම් තටාකයේ ඔවුන්ට විනෝද වීම සඳහා ඉඩහැර ඔවුන් මඳක් ඈතට වන්නට සිටින අවස්ථාවේ මෙම අවාසනාවන්ත සිද්ධිය සිදුව ඇතැයි හෙළි වූ බව පොලිසිය කියයි.
147 Views
Comments