දිවි පරදුවට තබා තවත් ජීවියක් බේරූ විරුවන් දෙදෙනෙකු පිළිබඳ පොලිසිය තැබූ සටහන...

බදුල්ල බස් නැවතුමට ආසන්න රජවීදීය පදික වේදිකාවේදී ඊයේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ගැටුම තවමත් සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබෙනවා.
තම 53 හැවිරිදි වැඩිමහල් සොහොයුරාගෙන් මරණීය තුවාල ලැබූ 48 හැවිරිදි පුද්ගලයා තවමත් පොලිස් ආරක්ෂාව යටතේ බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව සදහන්.
එම අවස්ථාවේ මරණයට නිතැතින්ම සිතේ ඇතිවන බිය හේතුවෙන් අවට සිටි පිරිස් තියුණු ආයුධයට ලංවීමට බිය වුවත් එම අවස්ථාවේ සිය ජීවිතය පවා අවදානමට ලක් කළ දෙදෙනෙකු පිළිබඳ පොලිසිය ප්‍රශංසනාත්මක සටහනක් මුහුණු පොතට එක්කර තිබෙනවා.
එම සටහන පහතින්...
137 Views
Comments