සූර්වී පැමිණි සැමියා කළ දේට රිටර්න් එක දෙන්න සැමියාට අලු‍කෙසෙල් කැවූ බිරිඳ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

සූර්වී පැමිණි සැමියා කළ දේට රිටර්න් එක දෙන්න සැමියාට අලු‍කෙසෙල් කැවූ බිරිඳ

සූර්වී පැමිණි සැමියා කළ දේට රිටර්න් එක දෙන්න සැමියාට අලු‍කෙසෙල් කැවූ බිරිඳ

වෙරිමරගාතේ පැමිණ නිවෙස අසල තිබූ පැසුණු කෙසෙල් කැන තිබියදී නොමේරු කෙසෙල් කැන කැපූ පුද්ගලයෙකුට ඔහුගේ බිරිඳ විසින් අපූරු දඬුවමක් ලබාදුන් පුවතක් අගනුවරට ආසන්න ප්‍රදේශයකින් අසන්නට ලැබෙනවා.


ඔහු අගනුවර රජයේ ආයතනයක සේවය කරයි.
 

නිවාඩු පාඩු වේලාවේදී සිය ගෙවත්තේ වගා කටයුතු කිරීමටද උනන්දුවක් දක්වන නිසා නිවෙසට අවශ්‍ය එළවළු, පලතුරු බොහොමයක් ගෙවත්තෙන්ම ලැබෙයි.
 

එපමණක් නොව අතිරේක නිෂ්පාදන වෙළඳපොලට ගෙනගොස් අමතර ආදායමක්ද ලබාගනියි.
 

දිවා ආහාරය සඳහා ඔහු ගෙන යන බත් පාර්සලයේද ගෙවත්තෙන් නෙළාගත් එළවළුවක්, පළාවර්ගයක් වරදින්නේ ම නැත. එකට ආහාර ගන්නා සිය මිතුරු මිතුරියන්ටද ඔහු එම ආහාර බෙදා දෙන්නේ මහත් අභිමානයෙනි.
 

ඔවුහුද සිය මිතුරාගේ වස විස නැති එළවළු ව්‍යංජන රස විඳීමට හැමදාමත් සැදීපැහැදී සිටිති.
 

පසුගිය දිනෙක ඔහු සුපුරුදු පරිදි සේවය නිමවී පැමිණෙන අතරමගදී මිතුරකු සමග තැබෑරුමට ගොස් මධුවිතෙන් සප්පායම් විය. අනතුරුව නගරයේ එළවළු වෙළෙඳසැලට ගොස් තමාගේ පැසුණු අළු කෙසෙල් කැනක් ඇති බවත් එය පසුදින එන විට රැගෙන එන බවත් පවසා නිවෙසට ගියේය.

ගොම්මනේ නිවෙසට ගිය හෙතෙම කමිසය ගලවා දමා පිහියක්ද රැගෙන වෙරිමරගාතේ ගොස් කඩිමුඩියේ කෙසෙල් කැන කැපුවේය. එකම පඳුරේ ගස් දෙකක කැන් දෙකක් තිබී ඇති අතර වඳුරන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා කැන් ⁣දෙකම පෝර උර දමා ආවරණය කර තිබිණ.

 

කැන කපා උරය ගලවා දැමූවිට ඔහුට දෙලොව රත්විය. පැසුණු කැන තිබියදී කපා ඇත්තේ මාසයකින් පමණ බාල කැනයි.
 

සිදුවූ පාඩුව විඳදරා ගැනීමට ශක්තිය තිබුණද බිරිඳගේ කන්දොස්කිරියාවෙන් බේරීමට කුමක් කරන්නේදැයි හිත හිතා සිටින විට ඇයද එතැනට පැමිණියාය.
 

කාරණාව තේරුම් ගත් ඇය සැමියාට හොඳහැටි දෙහි කැපුවා පමණක් නොව කරපු වැරැද්දට හොඳ දඬුවමක් දීමට ද ඉටාගත්තාය.
 

සුපුරුදු පරිදි පසුදා කන්තෝරුවේදී පිරිස සමඟ කෑමට ඉඳගෙන බත් මුල දිගෑරිය විට දක්නට ලැබී ඇත්තේ එහි බත් වෙනුවට ⁣නොමේරූ අළු කෙසෙල් ගෙඩිවලින් සෑදූ මැල්ලුමක් පමණක් ඇති බවයි.
 

ඊට මුල් වූ සිද්ධිය මිතුරන් සමග රසකර පවසමින් වසවිස නැති අළු කෙසෙල් මැල්ලුමද කාට කාටත් බෙදාහදා දුන්නාලු.

views

343 Views

Comments

arrow-up