විශ්‍රාම යන්න කීවාම තරුණ වෙසින් වැඩට ආ හැට පැන්න සේවකයාට වූ දේ මෙන්න...
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

විශ්‍රාම යන්න කීවාම තරුණ වෙසින් වැඩට ආ හැට පැන්න සේවකයාට වූ දේ මෙන්න...

විශ්‍රාම යන්න කීවාම තරුණ වෙසින් වැඩට ආ හැට පැන්න සේවකයාට වූ දේ මෙන්න...

වියපත් ආරක්ෂක නිලධාරියා වෙනුවට තරුණ නිලධාරියකු ලබාදෙන ලෙස ඉල්ලූ විට වියපත් නිලධාරියා  පැසුණු හිසකෙස් කළු කොට නැවත සේවය සඳහා පැමිණි පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තාවෙනවා.


මහනුවර ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සේවය කිරීම සඳහා පුද්ගලික සමාගමකින් ආරක්ෂක නිලධාරීන් කිහිප දෙනෙකුගේ සේවය ලබාගෙන ඇත.



එහි එක් ස්ථානයක සේවය කළ ආරක්ෂක නිලධාරියකු වියපත් බැවින් ඔහු වෙනුවට වෙනත් නිලධාරියකු ලබාදෙන ලෙස ආරක්ෂක නිලධාරීන් සැපයූ පෞද්ගලික සමාගමෙන් ඉල්ලා ඇත.
 

එම ඉල්ලීමෙන් දින කිහිපයකට පසු කර්මාන්තශාලාවේ වෙනත් ස්ථානයක හිසකෙස් කළු කොට ඇඳ ඇති කලිසම මේස් දෙකට යට කොට උපැස් යුවළක්ද පැළඳ අදාළ සේවකයා සේවය කරන අයුරු කර්මාන්තශාලාවේ හිමිකරු දැක ඇත.
 

ඒ අනුව කර්මාන්තශාලා හිමිකරු ආරක්ෂක නිලධාරීන් සැපයූ අදාළ පෞද්ගලික ආයතනයට කතාකොට තමන් රවටා වියපත් සේවකයා මොඩිෆයි කර එවා ඇති බවත් එවැනි ආයතනයකට කර්මාන්තශාලාවේ ආරක්ෂාව භාර දිය නොහැකි බැවින් පසුදා සිට සියලු ආරක්ෂක නිලධාරීන් ඉවත් කරගන්නා ලෙස ඉල්ලා ඇත.

views

175 Views

Comments

arrow-up