“ගැහැණියකට ගරු කරන ඇසට කඳුලක් නොදෙන ඇයව අගය කරන පිරිමියෙකු...” - ක්ලබ් වසන්තගේ බිරිඳ තැබූ සංවේදී සටහන

පසුගිය වසරේ ජුලි මස 08 වැනිදා අතුරුගිරිය ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් ක්ලබ් වසන්ත නමැති පුද්ගලයා සහ තවත් අයෙක් මිය ගිය බව හැමෝම දන්න දෙයක්.
එහිදී ගායන ශිල්පිනි කේ. සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ ද තුවාල ලැබුවා.
මෙම වෙඩි තැබීමෙන් මිය ගිය අනෙක් පුද්ගලයා වූයේ කේ.සුජීවාගේ සැමියායි.
කාලයක් රෝහල් ගතව ප්‍රතිකාර ගත් ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වනවිට සුවය ලබා සිටිනවා.
මැණික් ලංකා රාජිනි වන ඇය අද (19) වන සිය ෆේස්බුක් ගිණුමෙහි සටහනක් තබා තිබුණේ, මෙලෙසින්..
“මගේ මහත්තයා ජීවත්ව සිටි කාලයේ ඔහුගේ Fb එකේ මා පිළිබඳ තැබු ආදරණීය සටහනක්. ඔයාට අමා මහ නිවන් සුව ලැබේවා..!”
204 Views
Comments