මෙහෙම දෙයක් වෙයි කියලා හීනේනවත් ඔහු නොසිතන්න ඇති - තරුණයෙකුට මරු කැඳවූ අනතුරක් ගැන ඇහෙන කතාව

කළුතර, දොඩංගොඩ, කොස්වත්ත ප්‍රදේශයේ දී පෙරේදා (23) සවස සුඛෝපභෝගී බස් රථයක් සහ යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටී සිදුවූ මාර්ග රිය අනතුරකින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයකු බරපතළ තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි දොඩංගොඩ පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මතුගම, හොරවල පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙකි.
කළුතර සිට මහරගම දක්වා අධිවේගී මාර්ගයේ ධාවනය වන එම සුඛෝපභෝගී බස් රථයට කොස්වත්ත ප්‍රදේශයේදී යතුරුපැදිය වෙනත් වාහනයක් පසුකර යෑමේදී ගැටී ඇතැයි හෙළි වූ බව ද පොලිසිය කියයි.
අනතුර සිදුවන ආකාරය එම සුඛෝපභෝගී බස් රථයේ වීඩියෝ කැමරාවේ සටහන් වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දොඩංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
251 Views
Comments