මාර්තු මාසයේ දරාගත නොහැකි ණය බරක් බන්දුල කියයි

ප්‍රවාහන, මහා මාර්ග හා ජනමාධ්‍ය ඇමැති, කැබිනට් ප්‍රකාශක, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, මාර්තු මාසය සඳහා රජයේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 173 ක් වන අතර රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි සහනාධාර වෙනුවෙන් රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 196 ක් බව මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා කැබිනට් මණ්ඩලය දැනුවත් කළ බවයි.
මේ බව ඊයේ (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට සහභාගි වෙමින් ඇමැතිවරයා කියා සිටියේය. මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රජයට එදිනෙදා වියදම් සඳහා දැරීමට සිදු වන අත්‍යවශ්‍ය වියදම් සඳහා තවත් රුපියල් බිලියන 23 ක්ද අවශ්‍ය බව පෙන්වා දුන් අතර ඊට අතිරේකව මාර්තු මාසයේදී දේශීය විදේශීය ණය සේවාකරණය සඳහා රුපියල් බිලියන 508 ක් ඇස්තමේන්තු කර ඇති බවද ඇමැතිවරයා කීවේය.
259 Views
Comments