දේශපාලන අස්ථාවරත්වයෙන් අයි.එම්.එෆ් සල්ලි බෙදාහැරීම අවදානමක

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමටත් ණය හිමියන්,ණය ප්‍රතිව්‍යූගත කිරීමට එකඟ වී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන මුදල් බෙදා හැරීමටත් දේශපාලන අස්ථාවරත්වය අවදානමක් ඇති කරන බව ෆිච් රේටින්ග්ස් ආයතනය පෙන්වා දුන්නේය.
මහජන විරෝධය වැළැක් වීමට රජය සමාජය වෙනුවෙන් සිදුකරන වියදම් වැඩි කර තිබුණත් ආණ්ඩුවට මහජනතාව ලබා දෙන සහයෝගය දුර්වල බව පෙනෙන්නට තිබෙන බව ෆිච් රේටින්ග්ස් ආයතනය සඳහන් කළේය.
අදායම් බදු ප්‍රතිසංස්කරණය පිළිබඳ අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ඉදිරිපත් කර ඇති වැඩසටහනේ ප්‍රධාන අංගයක් බව ෆිච් රේටින්ග්ස් ආයතනය පැවසුවේය.
282 Views
Comments