JAN
21
ණය ප්‍රතිව්‍යුහගත කරන්න චීනයත් කැමැතියි

ශ්‍රී ලංකාව වෙනුවෙන් මූල්‍ය සහතික ලබා දෙමින් ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීනයද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කැමැත්ත ප්‍රකාශ කිරීමට තීරණය කර ඇත.
ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කැමැත්ත පළ කළ පළමු රට ඉන්දියාවයි. ඒ සඳහා වූ කැමැත්ත ඉන්දියාව නිල වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලටද ලබා දී තිබේ.
ඉන්දියාව සිය කැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු චීනයද නිල නොවන මට්ටමින් ජනාධිපති කාර්යාලයට සහ විදේශ කටයුතු අමාත්‍යාංශයට සිය ස්ථාවරය දැනුම් දී ඇත. චීන සාම්ප්‍රදායික අලුත් අවුරුද්ද අද (21) ආරම්භ වූ අතර මෙම සතියේ දී නිල ප්‍රකාශය නිකුත් කිරීමට චීනය සූදානම් වෙයි.
272 Views
Comments