උද්ධමනයෙන් කප් ගැසූ රටවල් අතර 04 වැනි තැන ලංකාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JAN
11

උද්ධමනයෙන් කප් ගැසූ රටවල් අතර 04 වැනි තැන ලංකාවට

උද්ධමනයෙන් කප් ගැසූ රටවල් අතර 04 වැනි තැන ලංකාවට

ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව  ස්ථාන 3 ක් ඉදිරියට එමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල් අතර හතරවන ස්ථානය හිමිකරගෙන ඇත.පසුගිය දර්ශකයේ ශ්‍රී ලංකාවට හත්වෙනි ස්ථානය හිමිවී තිබුණි.

 

නව දර්ශකයට අනුව ශ්‍රී ලංකාව නිල උද්ධමනය දෙසැම්බර් මස සියයට 66 ක් ලෙස සඳහන් වුවත් මෙරට සැබෑ උද්ධමනය සියයට 101 ක් බව ස්ටීව් හැන්කේ මහතා පෙන්වා දී ඇත.

 

නවතම දර්ශකයේ ප්‍රථම ස්ථානය සිම්බාබ්වේටත්, දෙවැනි ස්ථානය වෙනිසියුලාවටත්, තෙවැනි ස්ථානය කියුබාවටත් හිමිව ඇත. 

 

 

views

266 Views

Comments

arrow-up