මෙම වසරේ මුල් මාස හයේ රාජ්‍ය ආදායම 28.54%කින් ඉහලට

මේ වසරේ (2022) මුල් මාස හයේ රජයේ ආදායම ගිය වසරේ (2021) මුල් මාස හයට සාපේක්‍ෂව සියයට 28.54 කින් වර්ධනය වී ඇත.
මේ අනුව 2021 වසරේ මුල් මාස හයේ රු. බිලියන 715.3 ක් වූ රජයේ ආදායම මේ වසරේ (2022) මුල් මාස හයේ දී රු. බිලියන 919.5 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ.
මෙම කාලය තුළ දී රජයේ බදු ආදායම රු. බිලියන 641.2 සිට රු. බිලියන 798.8 දක්වා සහ බදු නොවන ආදායම රු. බිලියන 73.3 සිට රු.බිලියන 119.7 දක්වා වැඩිවී ඇත.
මෙසේ රාජ්‍ය ආදායම වැඩි වුවත් මෙම කාල පරිච්ඡේදය තුළ දී රජයේ වියදම රු. බිලියන 1,495.5 සිට රු. බිලියන 1,822.1 ක් දක්වා වර්ධනය වී තිබේ. එහිදී පුනරාවර්තන වියදම් රු. බිලියන 1,311.0 සිට රු. බිලියන 1,571.6 ක් දක්වා සහ ණය ආපසු ගෙවීම් අඩු කළ පසු ප්‍රාග්ධන වියදම් රු. බිලියන 184.5 සිට රු. බිලියන 250.5 ක් දක්වාත් වැඩි වී ඇති බව ද එම වාර්තාවේ තවදුරටත් සඳහන් වේ.
291 Views
Comments