FEB
21
බැංකු ක්ෂේත්‍රයේ ආරක්ෂාවට සෑම පියවරක්ම ගෙන ඇති බව මහබැංකු අධිපති කියයි

මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ, මෙරට බැංකු ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බවයි. ඊයේ (20) කොළඹදී පැවති 33 වැනි වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
බාධා නොතකා - තත්ත්වයකටම අනුවර්තනය වී බැංකු පද්ධතිය ඉදිරියට යාම මෙවර වෘත්තීමය බැංකුකරුවන්ගේ සංවත්සරයේ තේමාව වී ඇති බවයි. මේ අවස්ථාවට ශ්‍රී ලංකාවේ බැංකු ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් ඇතුළු පිරිසක් එක්විය. මෙහි ප්‍රධාන දේශනය මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදු කළේ ය.
276 Views
Comments