ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 203ක ණය මුදලක්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
09

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 203ක ණය මුදලක්

ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 203ක ණය මුදලක්

 

ඇමරිකානු ඩොලර් මිලියන 203ක ණය මුදලක් ගැනීම සඳහා ශ්‍රී ලංකා රජය ගිවිසුමක් අත්සන් කර තිබේ.

 

ආසියානු සංවර්ධන බැංකුවේ සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් ඇමරිකානු ඩොලර් මිලියන 200ක ණයක් ලබා දෙනු ඇතැයි මුදල් අමාත්‍යත්‍යංශය ප්‍රකාශ කරයි.

 

මීට අමතරව ආසියා පැසිපික් කලාපය සඳහා වන ජපන් අරමුදල ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබාදීමට නියමිත බව මුදල් අමාත්‍යත්‍යංශය ප්‍රකාශ කරයි.

 

ආහාර, දිළිඳුකම හා අවදානමට ලක්වූ ජීවනෝපාය ආරක්ෂා කිරීම, අපේක්ෂා කරන මෙම ව්‍යාපෘතියේ සම්පූර්ණ පිරිවැය ඇමරිකානු ඩොලර් මිලියන 203.36ක් ලෙස ඇස්තමේන්තු ගතකර ඇත.

 

ඉන් ඇමරිකානු ඩොලර් මිලියන 0.36ක් රජය විසින් දැරීමට එකඟව ඇත.

views

350 Views

Comments

arrow-up