APR
21
ශ්‍රී ලංකාවේ උද්ධමනය පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මාසයේ උද්ධමනය 49.2% ක් දක්වා අඩු වී ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
පසුගිය පෙබරවාරී මාසයේ ආහාර කාණ්ඩයේ උද්ධමනය 53.6% ක් වූ අතර එය මාර්තු මාසයේදී 42.3% ක් දක්වා අඩුවී ඇත.
ආහාර නොවන කාණ්ඩයේ පෙබරවාරි මාසයේ 57.4% ක්ව පැවති උද්ධමනය මාර්තු මාසයේදී 54.9% ක් දක්වා අඩුවී තිබේ.
ඒ අනුව මාර්තු මාසයේ වාර්තා වූ උද්ධමනය මාස 10 කට ආසන්න කාලයකට පසු වාර්තා වූ අඩුම උද්ධමන අගය වීම විශේෂත්වයකි.
291 Views
Comments