වැන්දඹුවන්ගේ නගරය

ගැහැනියකට සිය සිතැගි පරිදි ලිංගිකව එක් වීමේ අවකාශය අහිමි ද? එසේ අහිමි කළ හැකිනම් ඔවුහු මොන ජාතියේ මිනිසුන් ද? ඉන්දියාවේ හින්දු ධර්මය අදහන ගැහැනියකට සිය පුරුෂයා මිය ගිය පසු තව කෙනෙකු හා ලිංගිකව එක්වීම තහනම්ය. දැඩි හින්දුවරු එය නීතියක් සේ සලකත්. කොටින්ම ඔවුන්ට සිය දේශපාලන කැමැත්ත ප්‍රකාශ කිරීමේ ඡන්ද අයිතිය පවා අහිමිය. මක්නිසාද වැන්දඹුවන් බහුතරයක් ඡන්දදායකයන් ලෙස ලියාපදිංචි වී නොමැත. සැමියා මියගිය භාර්යාව මියගිය සැමියාගේ චිතකයටම පැන සියදිවි නසාගැනීම වැනි මිලේච්ඡ ක්‍රමය ඉන්දියානු රජය මැදිහත්ව නවතා දැමීමට සිදු වූ සිදුවීම වූයේ හින්දු වැන්දඹුවට ඇති ඔවුන්ගේ ආදරයක් නිසා නොවේ. ජාත්‍යන්තරව එල්ල වූ ප්‍රබල පීඩනය නිසාය. ඒ වෙනුවට දැන් ඔවුහු සැමියා මළ නිවසින් පිටමං ව ඔවුනටම අම්බලන් මෙන් සාදා ඇති පාළු මන්දිර වල කල් ගෙවති.
සිය ස්වාමි පුරුෂයා මළ විට ඇය බොහෝ විට ඉන්දියානු සමාජය සිය පවුලෙන් නෙරපා හරි. ඉතින් සියලු ආශාව අත්හැර ඇය සිය ඇවිදන ශරීර කූඩුව රැගෙන වැන්දඹුවන්ගේ නගරය සොයා ඉන්දියාව පුරා ගමන් අරඹයි. වැන්දඹුවන්ගේ නගර ඉන්දියාව තුළ බොහෝ ඇතත් විරින්දාවන් සුප්‍රසිද්ධය. වැන්දඹුවන් 2000ට අධික සංඛ්‍යාවක් එහි ආරාම හෝ අම්බලන් තුළ කල් ගෙවති. එහි ක්‍රිෂ්ණා දෙවිදුට සිය මරණය දක්වා යාඥා කරමින් ඔවුනට යන්තම් කුසගිනි නිවාගැනීමට පහසුකම් ඇත.
හින්දු ආගමික බැතිමතුන් මේ අසරණ ගැහැනුන් කූඩු වලලෑ සතුන් යැයි සිතා ඔවුන් නැරඹීමට එති. මේ ගැහැණුන් මැරෙන තුරා එක් බතක් හා ව්‍යාංජනයක් ගිල දමා මරණය තමා වෙත එන තුරු සිය ආශාවන් පාලනය කර ගනිමින් පොදු සමාජයෙන් පිටමං ව ජීවත් වෙති. සමහර වැන්දඹු නිවස පාලනය කරන හිමිකරුවන් ඔවුන්ව රහසිගත ලෙස ගණිකා සේවයේ යොදවා මුදල් හම්බ කරති. සමහරු මෙහි පැමිණ සිටින්නේ සිය වයස 17 දී පමණය . දැන් ඔවුන්ගේ වයස අවුරුදු අනූවක් ද ඉක්මවා සිටි. පුංචි කුටිය ගැහැනුන් එක්කෙනෙක් හෝ දෙදෙනෙකු ජීවත්වෙති. එසේ නැතිනම් විශාල වරුන්ඩාවල කණ්ඩායම් ලෙස ජීවත්වෙති. මෙහිදී කිසිවෙකු මෙහි පැමිණි පසු සිය පවුල් වෙත කිසිදා නොයති. අමානුෂික සිරිත කට යටත්ව මනුෂ්‍යයත්වය හැරදැමු ඔවුහු බැලීමට පෙරළා යන්නේ කවරෙක්ද? ඔවුනට සියළු උත්සව තහනම්ය. නමුදු හොලි උත්සවය අවතීර්ණ වීම සඳහා මේ වන විට ඉන්දියානු සමාජය ඔවුනට අවසර දුන්නේය. භජන් උත්සවය සදහා යම් මිලකට භජන් ගී ගැයිම සඳහා ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඔවුනට අවසර දී ඇත. ඒ ඔවුනට ජීවත් වීම සදහාය. මේ සියල්ල ඉන්දියානු පසුගාමී සිරිත් විරිත් ආගම හා ඉන්දියානු පුරුෂ මූලික සමාජය විසින් ගොඩනැගූ අසාධාරණ ක්රියාදාමයන්හි දිගුවක් හා නූගත් බව සතර අතේ සමාජ ආක්‍රමණය කර ඇති ඉන්දියාව ක අනිවාර්ය වූ ප්රතිඵලයයි. හින්දු ආගමේ පූජකයන් නිර්මාණය කළ ආගම්වාදී බේගලයකින් ඉන්දියාවේ කිසිවක් කරකියා ගත නොහැකි අසරණ දුගී ගැහැණිය සිරකර තබා ගැනීමට හැකි වන්නේ එලෙසය. මෙයට මුහුණ දෙන්නේ ස්වාමියා මියගිය ධනපති ගැහැණිය නොවේ. ස්වාමියා මියගිය නිර්ධන පන්තියේ ගැහැණියයි. එයයි මෙහි ඇති ඛෙදවාචකය.
878 Views
Comments