සඳේ ජීවිතය ගැන හොයන්න හතර දෙනෙක් - දවස් දහයකින් යන දෙවෙනි සඳ තරණයේ තොරතුරු මෙන්න

2024 දියත් කිරීමට නියමිත Artemis II මෙහෙයුම, වසර 50 කට පසු නාසා හි සිදු කෙරෙන පළමු මිනිසුන් සහිත සඳ ගවේෂණය වන අතර එය අඟහරු ගවේෂණය සඳහා පූර්විකාවකි. එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය (NASA) විසින් සඳ ආශ්‍රිත ඉදිරි මෙහෙයුම් සඳහා සාමාජිකයින් සිව් දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් හඳුන්වා දී තිබේ. එයට චන්ද්‍ර මෙහෙයුමකට අනුයුක්ත කළ ප්‍රථම කැනේඩියානු ජාතිකයාද ඇතුළත් වේ.
සඳුදා දින ටෙක්සාස් හි පැවති උත්සවයකදී, නාසා ආයතනය නිවේදනය කළේ රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා හැම්මොක් කොච් සහ ජෙරමි හැන්සන් දින 10 ක ගුවන් ගමනක් සඳහා Artemis II මෙහෙයමට යොමු කරන බවයි. මේ අතරින් අභ්‍යාවකාශ ගමන් සඳහා ප්‍රවීණයන් වන වයිස්මන්, ග්ලෝවර් සහ කොච් Artemis ගුවන් ගමන සමග ඔවුන්ගේ දෙවන අභ්‍යවකාශ ගමන සිදු කරනු ඇත. ඒ අනුව වසර 50 කට වැඩි කාලයකට පසු පළමු වතාවට මෙම පුද්ගලයින් එනම් Artemis II කාර්ය මණ්ඩලය සඳ ආසන්නයට පියාසර කරන පළමු මිනිසුන් බවට පත් වනු ඇත.
NASA හි ඇපලෝ වැඩසටහනේ කොටසක් ලෙස 1972 දී මිනිසුන් සහිත කාර්ය මණ්ඩලයක් අවසන් වරට සඳ වෙත ළඟා වූ අතර මෙවර Artemis II හි සංකල්පය වන්නේ "සඳ මත දිගුකාලීන පැවැත්මක්" යන්නය. එබැවින් මෙම මෙහෙයුම ගැඹුරු මානව අභ්‍යවකාශ ගවේෂණයන්ට මග පාදනු ඇති අතර ජීවයේ පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක සොයාගැනීම් වලටද තෝතැන්නක් වනු නිසැකය.
369 Views
Comments