සිරකුසා සිසිලියා දූපතේ කතානියා

මධ්‍යධරණී සහ අයෝනියානු මුහුදෙන් වට වී ඇති ඉතාලියට අයත් සිසිලියා සුන්දර දිවයිනකි. මෙම සොදුරු නිවර්තන දූපතෙහි සංචාරයකට යෑමට සුදුසු කාලය වනුයේ මැයි සිට ජුනි දක්වා හෝ සැප්තැම්බර් සිට ඔක්තෝබර් දක්වා අතර කාලයයි.
ආගන්තුකයෙක් ලෙස එහි යන ඔබට ලාභදායිම ප්‍රවාහන මාධ්‍ය වන්නේ පොදු ප්‍රවාහනයයි. මෙහිදී ඔබට බස් රථ මඟින් දූපතේ ඕනෑම ස්ථානයකට පහසුවෙන් ගමන් කළ හැකි අතර එමෙන්ම දුම්රිය හරහාද පහසුවෙන් දුර ගමන් බිමන්වල යෙදීමේ හැකියාව පවතී.
විශේෂයෙන් සංචාරය සඳහා යන සංචාරකයන් හට තම වියදම් අඩු කර ගැනීම වැදගත් වනු ඇති අතර, පෙර සඳහන් කළ කාලය අතරතුර එහි යන ඔබට ඇතැම් පොදු විනෝදාස්වාද ක්‍රියාකාරකම් සඳහා නොමිලේ වුවද සහභාගි වීමට අවස්ථාව සැලසෙනු ඇත.
මේ සුන්දර දිවයිනට යන ඔබට කලාතුරකින් හැර ඉංග්‍රීසි භාෂාව භාවිත කරන ස්ථාන මුණනොගැසෙනු ඇත. ඔවුන් විසින් ඔවුන්ට අවේණික භාෂාවක් කතා කරන අතර එය ස්පාඤ්ඤ, ප්‍රංශ, ග්‍රීක සහ අරාබි ඇතුළු දිවයින වරින් වර යටත් කරගත් විවිධ සංස්කෘතීන්ගේ වචන මිශ්‍රණයකින් සෑදුණකි. නමුත් ඔවුන් ස්වභාවයෙන්ම මිත්‍රශීලි ජාතියක් වන බැවින් කිසිදු අවස්ථාවක අපහසුතාවකට ලක් වීමට කරුණු නොසැලසෙනු ඇත.
සිසිලිය යනු ග්‍රීක, රෝම, නෝමන්, අරාබි සහ තවත් බොහෝ සංස්කෘතීන්වල බලපෑමට යටත් වූ දූපතක් වන බැවින් එහි ආහාර සංස්කෘතිය ලොව කිසිදු ස්ථානයක දැකගත නොහැකි තරම් අද්විතීයයි. එහි ඇති සාම්ප්‍රදායික ආහාර ලෙස අරන්සිනි (ෆ්‍රයිඩ් රයිස් බෝලයක්), කැසිලි (පෑන්-ෆ්‍රයිඩ්, අර්තාපල් ක්‍රොකට්), ක්‍රිස්පෙඩි (බැදපු අර්තාපල් ෆ්‍රිටර්ස්) සහ නත්තලේදී සාමාන්‍යයෙන් භුක්ති විඳින පිග්නොලාටා (බැදපු පිටි ගුළියක් වැනි අතුරුපසක්) වැනි දේවල් හැඳින්විය හැකියි.
සිසිලියේ ආරක්ෂාව පිළිබඳව සැලකීමේදී සාමාන්‍යයෙන් ඕනෑම රටක දැකිය හැකි ආකාරයෙන් හොරු හා වීදි මංකොල්ලකරුවන් දැකිය හැකි අතර එහිදී ඔබගේ පසුම්බිය හා වටිනා ද්‍රව්‍ය ආරක්ෂාකර ගැනීම සඳහා පරීක්ෂාකාරී විය යුතුය. එමෙන්ම දූපත තුළ එට්නා ගිනි කන්ද පිහිටා ඇති බැවින් ඇතැම් විට එය පුපුරා යෑම හේතුවෙන් ගුවන් ගමන් අවලංගු වීමේ අපහසුතාවන්ට මුහුණදීමට සිදු වනු ඇත.
සිසිලියේ නිවාඩුවක් ගත කරන්නට යන ඔබට නිරත විය හැකි ක්‍රියාකාරකම් රාශියක් ඇති අතර එහි යන සංචාරකයන්ගෙන් වැඩිම ආකර්ෂණයක් දිනා ගනු ලබන්නේ වෙරළ තීරය හා එට්නා ගිනි කන්දයි. එමෙන්ම නැරඹීම සඳහා අතිවිශාල නටබුන් රාශියක් ඇති අතර වීදි ආහර රස විඳිමින් රාත්‍රි සංචාරයේ යෙදීම හා ටීට්‍රෝ මැසිමෝහි සජීවී ඔපෙරාවක් නැරඹීම දක්වා එම අවස්ථාව පුළුල් වේ.
623 Views
Comments