රටඉදි කේක් - Dates Cake

රටඉදි කේක් නම් ඔයාලා හැමෝම වගේ රස බලලා ඇති. අද අපි කේක් එක හදන විදියත් ඉගෙන ගමු.
අවශ්‍ය දේවල්:
• රටඉඳි (Dates) 175g
• කේක් පිටි (Cake flour) 110g
• බේකින් පවුඩර් (Baking Powder) තේ හැදි 1
• කුරුඳු කුඩු (Cinnamon Powder) තේ හැදි ¾
• ලුණු කුඩු (Salt) තේ හැදි ½
• සාදික්කා කුඩු (Nutmeg) ස්වල්පයක්
• එළවළු තෙල් (Vegetable oil) 175ml
• දුඹුරු සීනි (Brown Sugar) 100g
• මී පැණි (Honey) 85g
• බිත්තර (Eggs) 2
• වැනිලා (Vanilla) තේ හැදි 1
• චොප් කර ගත් කජු (Chopped Cashew Nuts) 100g
සාදා ගන්නා ආකාරය:
මුලින්ම රටඉඳි ටික හොදට සෝදලා භාජනේකට දා ගෙන නටපු උණු වතුර කප් 1ක් විතර දා ගෙන විනාඩි 30ක් වගේ වතුර උරා ගන්නකන් තියලා පෙරලා වතුර බේරෙන්න තියන්න.පස්සේ කේක් පිටි වලට බේකින් පවුඩර් ටිකයි, කුරුඳු කුඩු ටිකයි, සාදික්කා කුඩු ටිකයි, ලුණු ටිකයි දාලා කලවම් කර ගෙන දෙතුන් පාරක් හොදට හලා ගෙන පැත්තකින් තියා ගන්න.
ඊට පස්සේ වෙනත් භාජනයක් අරන් ඒකට එළවළු තෙල් එක්ක දුඹුරු සීනියි, මී පැණියි, බිත්තරයි, වැනිලයි දාලා සීනි සම්පූර්ණයෙන්ම දිය වෙලා හොදට කලවම් වෙනකන් හොඳින් ගසා ගන්න (Whisk) කර ගන්න.දැන් රටඉඳි වල ඇට එහෙම අයින් කරලා පොඩි කෑලි හිටින විදියට චොප් කර ගන්න. (පොඩි කෑලි විදිහට කපා ගත්තනම් හරි)
පස්සේ චොප් කරපු රටඉඳි ටිකයි කජු ටිකයි පිටි මිශ්‍රණයට දා ගෙන හොදට කලවම් කර ගන්න.දැන් ඒකටම කලින් විස්ක් කර ගත්ත දියර මිශ්‍රණය වක් කරලා හොදට කලවම් වෙනකන් හැන්දකින් පෙරල ගන්න.ඊළඟට බටර් ටිකක් ගා ගත්ත කිලෝ එකේ කේක් ටින් (1kg Cake Tin) එකකට මිශ්‍රණය දා ගන්න. අන්තිමට කලින් 160° / 325°F උෂ්ණත්වයට රත් කර ගත්ත අවන් එකක පැය 1ක් වගේ බේක් කර ගෙන නිවුනට පස්සේ රස බලන්න.
නත්තල් මේසය සරසන්න මේ අතුරුපසත් ඔබේ තේ මේසයට එකතු කර ගන්න.
by Lakshani Lankadeera
1089 Views
Comments