ඇපල් වයින්

ඇපල් බොහොම සුලබ පලතුරක් වගේම රසවත් නිසා මේ වයින් එක රස බලන්න වැඩිදෙනෙක් කැමතියි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- ඇපල් කිලෝ එකක්
- වතුර ලීටර් එකහමාරක්
- සීනි කිලෝ එකහමාරක්
- ලෙමන් යුෂ මේස හැඳි දෙකක්
- යීස්ට් තේ හැන්දක්
සාදන ක්‍රමය:
මුලින්ම ඇපල් ටික අරගෙන සෝදා පිරිසිදු කරගෙන පොතු සමග කපා බඳුනකට දමා ගන්න. වතුර ටික උණු කරගෙන එය කපාගත් ඇපල් බඳුනට දමා ගෙන හොදින් පොඩි කරගන්න. දැන් මෙය නිවුණු පසු වසා දින හතරක් පමන තබන්න. පසුව මෙය පෙරාගෙන එයට සීනි සහ ලෙමන් යුෂ දමා කලවම් කරගෙන දවස් පහක් විතර වසා තබන්න. පසුව එය හොඳින් බුබුළු තුරු කලවම් කර පිරිසිදු රෙදි කැබැල්ලකින් පෙරාගන්න. ඉන්පසු බෝතල් වලට දමා ගන්න පුළුවන්. බෝතල් වලට දමන විට පුනීලයකට පුලුන් දමා පෙරා ගන්න. එවිට මණ්ඩි නැතිව හොඳින් පෙරා ගැනීමට හැකියාව ලැබෙනවා. වයින්වල රන්වන් පැහැය ලබාගැනීමට සීනි කැරමල් කර බෝතලයට එකතු කරන්න පුළුවන්. මේක අවම සති තුනක් වගේ තියලා භාවිතා කරන්න ගන්න හැකියාව තියෙනවා.
1088 Views
Comments