හැමෝම කන්න ආස, "රයිස්" එකේ රස රහස් - පළමු කොටස

ගෙදර කෑම කාලා කාල ම ඇති වෙලාද?
කඩෙන් කෑම එකක් ගෙනත් කන්න හිතෙනවා නේද??
කොහොමද කොත්තුවක්???
එහෙමත් නැත්නම් රයිස් එකක්????
හැබැයි පොඩි ගැටළුවක්!!!
එකක් නෙවෙයි ගැටලු කිහිපයක්!!!!
එක පැත්තකින් සෞඛ්‍යාරක්ෂාව, අනික් පැත්තෙන් රටේ ආර්ථිකය.
කඩ කෑම වලට දාන අජිනොමොටෝ, රසකාරක විතරක් නෙවෙයි, තවත් ගොඩක් දේවල් නිසා කටට කෙළ උනන සුවඳක් වගේම අමුතු රසයකුත් තියෙනවා තමයි. ඒත්, ඒ කෑම අපේ සෞඛ්‍යයට කොතරම් සුදුසුද කියන එක නම් හිතන්න වෙන කාරණයක්.
ඒ විතරක් නෙවෙයි, ලීක්ස් ටිකක්, කැරට් ටිකක් පෙන්නලා, පොඩි මස් කෑල්ලක් දාලා හදන කඩේ රයිස් එක ගෙවන මුදලට කොයිතරම් සාධාරණද කියලා ඔයගොල්ලෝ ම හිතල බලන්න.
කොහොම වුණත්, ඒ හැමදේටම විසඳුමක් විදිහට ආයුබෝ රස පදමෙන් අපි ඔබ වෙත අරන් එන්න තීරණය කළා කිසිම අහිතකර කෘතිම රසකාරකයක් පාවිච්චි නොකර කඩේ වගේම රසට, සුවඳට ගෙදරදී ම ෆ්‍රයිඩ් රයිස් හදාගන්න විදිහ.
මේක ලොකු පාඩමක් ළමයි.
රයිස් කියන්නේ ඇත්තටම, කෑමක් නෙවෙයි ආගමක්. එක එක රයිස් වලට ආවේණික රස ගුණ වගේම ඒවට දාන කළමනා සහ ඒව දාන විදිහත් වෙනස් වෙනවා. රයිස් වර්ග එකින් එකට පාට, සුවඳ වගේම රස වුණත් වෙනස් වෙන්න මෙන්න මේ හේතුව බලපානවා. සී ෆුඩ් එක එක පාටක්. චිකන් රයිස් එක තව පාටක්. මික්ස් රයිස් එක එන්නෙ වෙනම කොලිටි එකකින්. එක එක රයිස් වර්ග වලට දාන සෝස් වර්ග වෙනස් වගේම කලවම් කරන විදිහෙත් පොඩි පොඩි වෙනස්කම් තියෙනවා.
ඇත්තම කියනවා නම්, හොඳ රයිස් එකක් කියන්නේ කලාවක් වගේම රහස් ගොඩක්.
මේ හැමදෙයක්ම අපි පියවරෙන් පියවර ඔබ වෙත ගේන්න බලාපොරොත්තු වෙනවා, ඉදිරි ලිපිවලින්. ඒ නිසා දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ආදරෙන් ඔබගෙන් ඉල්ලා සිටින ගමන් ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.
ඔබේ අදහසුත් අපිට කියන්න.
ඔබ සැමට ආයුබෝ!!!
චෙෆ් සංක
1226 Views
Comments