මුම්බායි මස්ත් ටොමැටෝ පිලාව්
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
24

මුම්බායි මස්ත් ටොමැටෝ පිලාව්

මුම්බායි මස්ත් ටොමැටෝ පිලාව්

අවශ්‍ය දෑ,
 

  • ඉඟුරු හා සුදුළූණු පේස්ට් තේ හැන්දක්
  • කුඩාවට කපාගත් ළූණු ගෙඩියක්
  • කුඩාවට කපාගත් තක්කාලි ගෙඩි 2
  • කුඩාවට කපාගත් කොළපාට බෙල්පෙපර් කෝප්ප 1/2 තක්කාලි සෝස්
  • ලුණු රස අනුව
  • කහකුඩු තේ හැඳි 1/2 මිරිස්කුඩු තේ හැඳි 1
  • ගරම් මසාලා තේ හැඳි 1 පිසගත් බත් කෝප්ප 3


සාදන ආකාරය,

භාජනයකට තෙල් ටිකක් දලා ඉඟුරු, සුදුළූණු පේස්ට් එක දාගන්න. ඉන්පසු කපාගත් ළූණු ටිකත් දාගන්න. මේ ටික මද ගින්දරේ පිසගන්න.

මේකට කපාගත් තක්කාලි ගෙඩිය එකතු කරලා හොඳට කලවම් කරලා විනාඩි 5ක් වහලා තියන්න. තක්කාලි සෝස් දාගන්න.

ඉන්පසු බෙල්පෙපර් ටිකත් දාලා හොඳින් කලවම් කරගන්න. දිගටම හැඳි ගාලා විනාඩි 2ක් පමණ අඩු ගින්දරේ වහලා තියන්න. දැන් මේකට ලුණු එකතු කරලා කහකුඩු ,මිරිස් කුඩු හා ගරම් මසාලා කුඩු දාගන්න.

හොඳට කලවම් කරමින් බත් ටික දාගන්න. දැන් නැවතත් හොඳට කලවම් කරලා උඩින් කොත්තමල්ලි කොළ ටිකක් හීනියට ලියලා එක් කරන්න.


පිලිගන්වන්න.

views

391 Views

Comments

arrow-up