MAY
17
ඉතාලියෙන් ඇවකාඩෝ ටෝස්ට්

අවශ්‍ය ද්‍රව්‍ය
• පාන් පෙති 6 ක්
• අලිපේර ගෙඩි 1 ක්
• ඔලිව් තෙල් මේස හැදි 3 ක්
• රතු බෙල්පෙපර් ග්‍රෑම් 50ක්
• lemon juice මේස හැඳි 2 ක්
• බටර් මේස හැඳි 2 ක්
• ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක්
• අවශ්‍ය පමණට ලුණු
සාදන ක්‍රමය
මුලින්ම පාන් පෙති ටික ටෝස්ට් කර ගන්න. දැන් අලිගැට පේර මදය සූරාගෙන බෝල් එකකට දමා ලුණු, ගම්මිරිස්, ඔලිව්තෙල්, lemon juice, බෙල්පෙපර් සමඟ හොඳින් මිශ්‍ර කරන්න. මීළඟට පාන් පෙතිවල බටර් තවරා ගෙන අලිගැටපේර පේස්ට් එක හොඳින් එයට උඩින් ගාගන්න. පාන් පෙතිවල වටේ කර වුණු කෑලි කපා ඉවත් කරගෙන තේ වේලාවට එක්කර ගන්න.
900 Views
Comments